පාඨකයෙකුට නුවන්ගේ කිසා කෙට් නවකථාව කියවන්න ආශාවක් ඇතිවෙන්න හේතුවක් තමයි එහි කවර නිර්මාණය. සාහිත්‍යය ඇතුලේ නුවන් දන්න අය ගොඩක් අඩුඋනත් රෑපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස නුවන් ජනප්‍රියත්වයක් හිම්කරගෙන තිබ්ම මත කිසා ඔහුගේ දෙවන කෙට් නවකථාව තුල කියන්නට යන්නේ කුමක්ද? 

කතාව ආරම්භ කරන්නෙම ආදර සම්බන්ධතාවයක අහිම්ව්මක සේයාවක් ව්දගන්නට සලස්වන ගමන්, සහ එම ආදර සබඳතාවය තුලින් ලබන වේදනාත්මක සතුටුව්මක අදහසක් දෙන්නට නුවන් ගන්න උත්සාහය පාඨකයාට තේරැම් ගන්නට සැලැස්වීම තුළිනුයි. කිසියම් තියුණු කියවීමක ආභාෂය ලද කෙනෙකුට කෘතිය පිළිබඳ අදහසක් ලෙහෙසියෙන්ම ගොඩනගා ගැනිමට හැකිව්ම  මෙහි ඇති දුර්වලතාවක් ලෙස දකිම්. භාෂාමය ගොඩනැංව්මේදි ඔහු ගන්නා උත්සාහය සැලකිවයුතු මට්ටමක පැවතීම තුල නුවන්ට තව දුරටත් කෘතිය එක්ක පොර බදන්න පුළුවන් වෙලා තියෙනවා. 

නුවන් කිසා නැමති මහේක්ෂ චරිතයක් සංකේතියව යොදා ගනිම්න් ගොඩනගන්නට හදන ආක්‍යානය

 ඉතා ශුද්ර මට්ටමක පැවතීම නිසා කෘතියේ සමබරතාවය ගිළිහි යයි.

කෘතියේ ප්‍රදාන චරිතය දීප්ත ව්කල්ප පුවත් පතක වැඩකරන ලේඛකයෙක් , අරැණි  රාජ්‍යය නොවන සංව්ධානයක වැඩ කරන ඉහළ මධ්‍යම පාන්තීක තරැණියක් , ඇය ව්දේශිය අධ්‍යාපනය ලද ඉහළ සංස්කෘතිමය ජීවීතයකට උරැමකම් කියන ලද්දියක් වන ව්ට ඉට ප්‍රතිව්රැද්දව දීප්ත ග්‍රාමීය ජීව්තයක උරැමකම් ලද කටුක දුෂ්කර දිව්යෙන් ගැලවෙන්නට  අධ්‍යාපනය ආධාරකයක් ලෙස යොදාගනිම්න් සිට්න  තරැණයෙක් ලෙස ඔහුගේ පැවැත්ම ආත්ම්යව බැදිම් පවතින්නේ ග්‍රාමීය මූලයන් මත බැව්න්, තම මව සහ පියා ගෙවන කටුක ජීවන පැවැත්මෙන් ගොඩගන්නට ⁣නාගරික පීව්තයත් එහි සමාජ සම්බන්ධතාවයන් තුලින් ජීවන මගේ මතු මහලට නැගිමේ උන්නතිකාම් සිහිනය දීප්තගේ ජීවන ආශාවයි. 

ලාංකිය සාහිත්‍යයට මෙවැනි ආක්‍යානයන් අභිමුකවීම අහම්බයක් ද?මෙය සමකාළින මිනිස් ජීව්තයේ  අව්න්ඣනික අශාව ව්‍යුහගතව් ඇති ආකාරයයි. එසේම සාහිත්‍යයේ නියෙලෙන බොහොමයක් ලේඛකයින් ද උන්නතිකාම් සාහිත්‍යයට ආශා කරන්නේ ඇයි ද යන්න අමුතුදෙයක් නොවන බව දැන් ඔබට වැටහෙනවා ඇති. එසේම වර්තමානයේ පරිභෝජනවාදය තුල වඩ වඩා ඇළි ගැලි සිට්න්නේ ද මෙම උන්නතිකාම් පිරිස් බව අප අමතක නොකළ යුතුයි. 

ඇත්ත කිසා තුළින්ද උන්නතිකාමය ගෙනඑන ගමන් ස්ත්‍රීය නැමති ඇයගේ ආශාවේ ප්‍රහේළිකාව සෙව්මට පිරිම්යා  ගන්නා අසාර්ථක උත්සාහය නාගරීක ඉහළ මධ්‍යම පාන්තික සංස්කෘතික තරැණියක් ආදේශ කිරිමෙන් පෙරනොවු ව්රැ සංකීර්ණතා රාශියකට පිරිම්යා ව්යවුලෙන් ව්යවුලට පත්කිරිම අව්න්ඣනිකව සිදුවුවත් එය කෘතියේ යට්පෙලේ  සාර්ථකත්වයේ මොහොත තුල එය⁣ට ආලෝකයක් සපයයි. උන්නතිකාමය මේ යුගයේ ම්නිස් ආශාවයි , නුවන් කීසා නැමති ලේබලයක ගසා ප්‍රධානය කරන කෘතිය තුල ආකෘතිමය වෙනස වෙනුවට අන්තර්ගතයට අනන්‍යයව්ම තුලින් පාඨකයාගේ මැදිහත්ව්ම හෑල්ලුවට ලක්කරයි.

පුවත්පත් කලාව වැනි මාධ්‍යය තුල දීප්තව ස්ථානගත කිරීමේදී  දක්වන පරිචය ඉතාම දුර්වල මට්ටමක පවති. කෘතියට අනුව දීප්ත යනු ව්කල්ප ධාරාවේ පුවත් පතක වැඩ කරන, අරැණි ගේ කිුුුුයාකාරිත්වයෙන් පවත්වාගෙන යන රාජ්‍යය නොවන සංව්ධානයක අරමුණු සහ අභිලාෂයන් රටේ සංස්කෘතික හා දේශපාලනිික අංශයන් කෙරෙහි කුමනාකාරයේ බලපෑමක් කරන්නේදැයි සෙව්මේ අදහසින් පුවත්පතේ කතුවරයා ව්සින් දීප්තව සැලසුම් සහගතව අරැණි සමග ම්ත්රත්වයක් ගොඩනගා ගැනිමට පොලබවයි. මෙය සරල කතන්දරයකට උානනය කරයි. ව්කල්ප පුවත්පත තුල සිට්න දීප්තට වඩා දීප්ත කෙනෙකු  අපට කෘතිය තුලින් කියවාගැනිමට සැලැස්වීමට නොහැකිව්මත් , දීප්තගේ චරිතය බෙලහීන කරයි මෙය නුවන් දැනුවත්ව කිරිමට පෙළබව්ම මත කෘතියේ සමබරතාවය රැකගැනීමට අවස්තාවක් ලබාගනී. 

අරැණිගේ චරිතය අධ්නිෂ්චය කිරීමත් ,ඇය ඉහළ මැද පන්තීක නියෝජනය කරන්නියක ව්මත් ව්දේශිය අධ්‍යාපනය තුල ශික්ෂිත ලාංකීය ජාතිකත්වය තුල ගොඩනගා ඇති යටත්විජිත  සුදු ජාතීක ස්වාමියාගෙන් පැවත එන්නෙක් වුවද, නිල්ජීන්ස් අදින නවීන වාහන පරිහරණය කරන නිදහස් ජීව්තයකට ළැදි සහ නිදහස් ජීව්තයකට උරැමකම් කියන පැරනි පවුලෙන් කැඩ් ජීවත්වන , ව්ෂ්ව්යත්වය තුල  සංස්කෘතිමය ගනුදෙනුවක යෙදෙන ඇය දීප්තට සංකේතීය කල නොහැකිව්ම ඇයතුලම ගොඩනැගෙන්නක් . ඉහළ මැද පන්තික තරැණියක් , ගැහැණියක් පිරි⁣ම්යෙක් තුළින් ශරිරය දෙකක් එකතුවෙනවට වඩා දෙයක් ඇය සොයයි. එනම් ඉහළ මැදපන්තික ගැහණිය ආදරයේ භාෂාව තුලින් ආදරය කිරීමට සිතක් සොයායන   මොහොතක ග්‍රාමීය  පිරිම්යා ආදරය තුළින් ස්ත්‍රී ශරිරය හබායයි. මෙම ව්රැදාභාෂය තුළින් ඇයගේ චරිතය වඩාත් අධ්නිෂ්චය වෙයි.එසේම දීප්ත අරැණිට දක්වන දුරස්ථභාවය සහ ඇය හැම ව්ටම දීප්තට ලන්වීමට ගන්නා උත්සාහයේදී ඔහු යම් දෙයක් කියම්න් ඇයට මෙම දුරස්ථතාවය දනවන්නට උත්සාහ ගනී. මෙය මෙම දෙදෙනාටම අව්න්ඣනිකව්ම මෙහි ඇති ව්ශේෂත්වයයි. අරැණිගේ ජීව්තයට වඩාත් සම්පනොව්මට  ඔහු උත්සාහ නොගන්නේම මෙම සංස්කෘතික පසුබෑම තුළයි.එසේම දීප්තගේ ජීව්තයේ ඇති ග්‍රාමීය මූලයන් ඇය හොදින් හඳුනා ගනී.එසේම කෘතිය ගොඩනැංව්මේදි අරැණිගේ චරිතයේ ජීවගුණය රදවා ගැනීමට දීප්තගේ චරිතය යොදාගැනීමේදී නුවන් දක්වන පරිචය ප්‍රසස්ත මට්ටමක පවතී. මෙය වෙනත් හැඩයකට සුචනය කිරිමට නුවන් වගබලාගනී. 

අරැණි ,ඇයට අවශ්‍යය ඇයගේ ජීව්තයේ ගොඩනැගෙම්න් තිබු ⁣ඒකාකාරී ජීවන පැවැත්මත තුළ පැවති අතෘප්තිකර ජීව්තය වෙනුවට ඇයට සහනයක් ඇති පැවැත්මට තර්ජනයක් නොවන කීකරැ අනෙකෙක් ,ඒ තමයි දීප්ත එසේම ඇයගේ ආශාව රග දක්වන්නෙක් ලෙස දීප්තව යොදාගැනීම ඇයගේ අශාවෙම දිගුවක්. ඉපැරැණි ග්‍රාමීය හර පද්ධති සහ සංස්කෘතික මූලයන් සමග බද්ධකොට ගොඩනැංව්මේදි එය සාම්ප්‍රදායික සීමාවන් තුළ  හිරවී තිබේ. උදා, අරැණි  දීප්තගේ ගමේ ගොස් රැයක් ගත කිරීම ,වැවෙන් නාන්නට යෑම , රොට් පුච්චගෙන කෑම ඇත්තෙන්ම මෙය අරැණිගේ චරිතය තුලින් ගෙන එන්නෙම ගොඩනැගෙන ආදර සම්බන්ධතාවයට අර්ථයක් ගෙන එන්නට උනත් අරැණි ගේ චරිතය තුළින් ඉට වඩා දෙයක් නොඉල්ළීමට වගබලා ගනී. 

දීප්තගේ පියා වැඩ වර්ජනයට ලක්වීමෙන් රැකියාව අහිම්වීමත් තුල සිය මව කුටුම්බ සංරක්ෂණය කිරිමට පටන් ගැන්මත්  තුලින් ළමා කාලයේ සිට තරැණයෙක් ලෙස ආ ගමන්මගේ මවගේ  රැකවරණය ආරක්ෂාව තුල සිට් දීප්ත මවගේ ලෝකය තුල වර්ධනය වුවෙකු ලෙසද අර්ථ ගැන්ව්මේදී  කියවන්නෙකුට දීප්තගේ චරිතය තුල ගොඩ නැගෙන පිරිම්යා පිළිබඳ කිසියම් අදහසකට යාහැකිවේයැයි සිතම්. එසේම තම ආත්ම්ය  ප්‍රකාශනය කිව්මට යෑමේදී මොනයම් හෝ ජාතික ප්‍රෂ්නයක් එයට ඈඳා ගැනිමට පෙළබ් තිබ්ම ලාංකිය ලේඛකයින් තුල ඇති රෝග ලක්ෂණයක් බැව්න් නුවන්ටද එයින් ගැලව්මට නොහැකිව් තිබේ.       එයම අප සිට්න තැන සලකුණු කරයි. උදා. වැඩ වර්ජනයට ලක්වු පියා . 

අරැණි එක් සොදුරැ මොහොතක  දීප්තගෙන් වෙන්ව නැවත ව්දේශගතව වැඩ්දුර අධ්‍යාපනය හදාරා තමාගේ ඇත්ත අනෙකා ලෙස වෛද්‍යය වෘතීයේ නියුතු කෙනෙකු හා ව්වාහ ව්මත් තුල ඇයගේ සැබෑ ජීව්තය  සොයාගනී. සෞබාදර්මයෙන් වඩ වඩා ව්ටැන් වීමෙන් ම්නිසා සංස්කෘතික ජීව්තයකට පොළාපැනීම තුලින් ්දියුණු සංස්කෘතික ජීව්තයකට ඇතුළුවීමේ ඉඩහසර ම්නිසාට අහිමි කරන භාදාව ඇත්තේ ඔහුට බාහිරින් නොව ඔහු තුළමය. එනම් ඔහුගේ අභයන්තර තුළයි. දීප්තගේත් අරැණිගේත් ම්නිස් සම්‍බන්ධතා තුල ඇති මෙම ව්රැදාභාෂය කිසිදා සංකේතීය කරගැනීමට නොහැකිවීම කතාවේ සාරයයි.

අරැණිගේ ඇත්ත ජීව්තය යනු සංස්කෘතික,අර්ථවත් නිදහස් සැප පහසු පරිභෝජනවාදයේ නියාමනයන්ට අනුව ජීවත්වන ව්නෝදයේ ගිලීසිට්න්නියක් වන ව්ට දීප්ත උන්නතිකාමී තරැණයෙක් 

බටහිර සංගීතය අසන ඉහළ මැදපන්තික සංස්කෘතික අනන්‍යතාවයක් ඇති තරැණියකගේ ආශාව හා සමපාතව්මට නොහැකිව්ම ⁣වඩ වඩා තේරැම් කරවන්නට නුවන් අනවශ්‍යය උත්සාහයක් අරන් තිබ්ම පාඨක කියව්ම හෑල්ලුවට ලක්කරයි.

අරැණි සොයන්නේ ස්මාර්ට් පිරිම්යෙක් . ඇයට ප්‍රතිපක්ෂව දීප්ත සොයන්නේ ඔහුගේ ග්‍රාමීය Fantasy යට හසුවන සහ එහි මූලයන්ගෙන් ශික්ෂිත වු සාම්ප්‍රදායික ගැම් ගැහැනියක් නැතහොත් තම මව අහිව්ම තුල ඇති අඩුව තුල තවත් තම මව වැනි ගැහැනියක් . අවසානයේ දෙදෙනාගේ ආදර සම්බන්ධතාවය තුල අතිතයේ ව්දි වේදනාභරිත නොස්ටැල්ජීක මතකයන් පාඨක ප්‍රජාව සමග බෙදාහදා ගනිම්න් කිසිදා විසඳිය නොහැකි ගැහැනියකගේ ආශාවේ උභතෝකෝට්කය පිරිම්යා තුල ඉතිරිකොට තබයි . 

Bushan Pradeep. 


Comments

Popular posts from this blog