ෂාල් බෝද්ලෙයා ප්‍රංශයේ පමණක් නොව මුළු යුරෝපය තුළම කාව්‍යය කරණයේදී නුතනත්වයට අති මහත් බලපෑම් කල පුරෝගාමී කව්යෙක් ලෙසත්, තම කව්ය තුළ ස්වකීය ලකුණ සනිටුහන් කරන්නට බෝද්ලෙයාට ගත් උත්සාහය ප්‍රසස්තය.වෙඩ්වර්ධනගේ මෙම කෘතිය තුළින් කරන බෝද්ලෙයාගේ ජීවන පරිචය තුළ ඔහුගේ නිර්මාණ කාර්‍යයේ පොලා පැනිම ගැන කරන කදිම හැදින්ව්ම තුළ සහෘදයාට බෝද්ලෙයාටත් බෝදලෙයා තුළින් ඔහුගේ නිර්මාණ කාර්‍යය ව්නිව්දින්නට සහ මංජුුල ස්වකීය නිර්මාණ තුළ බෝද්ලෙයාගේ දකින ආකාරය සහෘදයාට දනවන්නට ගන්න උත්සාහය කෙබදුද ? බෝද්ලෙයා සිලිට් පරසතු මලෙක පෙත්තක් තුළින් ගෙන එන්නෙ එයයි. මංජුලට අනුව බෝද්ලෙයාගේ බොහෝමයක් කව් පාරවන සුුුළු ,දරාගත නෙහැකි ආත්මීය ව්දවීම් , කඩාවැටීම් මත සහ නාගරික ජීව්තයේ ආත්මීය බැදිම් ම්නිස් සම්බන්ධතා වල දරා ගැනිමි සහ එවකට ප්‍රංශය තුළ ඇතිවෙම්න් තිබු නාගරිකරනයේ වෙනස්ව්ම් පැරණි සමාජ ජීව්තයේ කණ්ඩනයන් ඔහු කව්ය තුළට ගෙනඑනු ලබයි. ඒ අනුව ගැඹුරැ දේශපාලන සමාජ පර්යායන් කව්ය තුල සුවචනය කරන්නට බෝද්ලෙයා සමත්වී ඇත්තේ තම ජීව්තය තුළින්ම බව මංජුල අපට කියන්නේ නිකම්ම නොවේ.
බෝද්ලෙයාගේ මෙම ජීවන ලාලාසාව තුළ ,තමන්ගෙන් පසු පරම්පරාවට පීතෘ රෑපකයක් ලෙස ඔහුව හැදින්වුවාට වරදක් නැතැයි සිතිය හැක. කාව්‍යය කරණයේ දැවැන්ත සෙවනැල්ලක් ලෙස බෝද්ලෙයාගේ ප්‍රකාශමානවීම වැදගත් වන්නේ එබැව්නි.
ම්නිස් ජීව්ත වල ව්ගලිතව්ම්, ආත්මීයත්වය වේදනාවල් සහ ම්නිස් සම්බන්ධතාවයන් වල පරාරෝපනයන් ගැන පළල් පරිචයක් බෝද්ලෙයා තුළින් ප්‍රකාශමානවු බව කෘතිය තුළ ගෙනහැරපායි. බොහිමීයානු ජීව්තයක් ගතකළ බෝද්ලෙයාට නාගරික ජීව්තයේ ආත්ම්යත්වයන් සහ පැරණි නගරික ජීව්තය සහ නව නගර සැලසුම් අතර ඇතිවන කන්ඩනයන් මත තනිවන ඔහු තම ජීවන පැවැත්ම තුළ ලබන වේදනාත්මක සතුට තුළ බෝද්ලෙයා කියවා ගැනිමට මංජුල අපව පොලොබවාලයි.
දැන් අප බෝද්ලේයා ගෙන් මඳක් ඈත්ව සමකාලීන සමාජයේ බෝද්ලෙයාව ස්ථාන ගතකරන්නේ කුමන සංදර්භයක ද යන්නත් , ඔහුගේ කාව්‍යය වෙඩ්වර්ධනගේ ආශාවේ වස්තුව වුයේ ඇයිද යන්නත් තුළ අපට මෙහි යම් පොටක් පාදාගත හැක.් හැදින්ව්ම තුල ඔහු එය මනාව සලකුණු කල ඇත. එනම් මෙවැනි කෘතියක් කිරිම සඳහා වෙඩ්වර්ධන පොලොඹවන්නෙම ඔහුගේ අව්න්ඣනික ආශාවයි. කව්යට පෙම්බදින කවීන් කීපදෙනෙකුට හෝ ඔහුගේ මෙම උත්සාහය කියවාගත හැකිවේ නම් එය ඔහුගේ ශ්රමයට අර්ථයක් එක්කරනු ඇත. ප්‍රෂ්නය ඇත්තේ වෙඩ්වර්ධන බෝද්ලෙයා සමග කරන මෙම ගනුදෙනුව ලාංකිය කවීය තුළ පැළ කල හැකිද යන්නය. එය එසේ කල නොහැකිවේය යන්න මගේ පෞද්ගලික අදහසයි. ඇත්ත වෙඩ්වර්ධන උත්සාහගන්නේ , ගනිම්න් සිට්න්නේ ලාංකිය බොහෝමයක් කවීන්ගේ නිර්මාණයන් තුළ ඇති බංකොලොත් භාවයෙන් ගලවා කව්ය එය නුතනත්වය තුළ ඔසවා තැබීමටය. ඒ සඳහා බෝද්ලෙයා ලාංකිය පොළොව තුළ පැලකොට ඔහුගේ ගැඹුරැ ච්න්තනමය දැක්ම කව්ය තුළ පිහිටුවා කරන ආත්මීය ප්‍රකාශණය ලාංකීය වල් වැදුණු පොලොව මතට ගෙන ඒමයි. අප වෙනස්වන තැන බෝද්ලෙයා තුළින් ව්නිව්දින්නට හැකිනම් වෙඩ්වර්ධනගේ උත්සාහය අපතේ නොයනු ඇත.
කුසගින්න දරිද්‍රතාවය , වාර්ගීක අර්බුද ( මතුපිට අතගෑම ) සොබාදහම වර්ණනා කිරිම් , ස්තිුන් වස්තුකරනය කිරිම යන දෙයට පිට්න් කිසිවක් කවීන්ට හමුනොවන්නේ ඇයි? ලාංකීය සමාජ දේහය තුළ ඇතිවු දරැණු කැරළි දෙකත් එහි තරැණ සංහාරයත් ගැඹුුුුරින් තම නිර්මාණ තුළට ප්‍රස්තුතව් තිබේද ? උතුරේ වාර්ගීක ගැටුම් ම්නිස් ජීව්ත වල අහිම්ව්ම් , ආත්මීය සම්බන්ධතාවයන් තම නිර්මාණවලට කොතරම් ප්‍රස්තුත කරගෙන තිබේද ? අප තුළ ඇති දුපත් මානසිකත්වයත් , නොයෙකුත් දේශපාලන දෘෂ්වාදයන් වල එල්බ ගැනිම් මත කව්යා අතරම්ව් ඇත. බෝද්ලෙයාට අහිම්වු පැරණි නාගරික ජීව්තයත් , නාගරීකරණයේ නුතනවය තුළ ඇතිවු පරාරෝපනයන් සහ ඔහුගේ ස්ත්‍රීන්ගේ ඇසුරවල් වල වේදනාත්මක අභිමුකව්ම , හැරයම් කඩාවැටිම් කිසිදා අපේ කව්න්ගේ ජීවන අනුභුතින්ට හසු නොවනු ඇත. වෙඩ්වර්ධනට බෝද්ලෙයා අවශ්‍යය වෙන්නේ මෙන්න මේ සීමාඉර අතික්‍රමණය කරන්න. එතැන් පටන් බොද්ලෙයා මාස්ටර් හැගවුම්කාරකය ලෙස යොදාගනිම්න් තම නිර්මාණය ආරම්භ කරයි. වෙඩ්වර්ධනගේ අභිපුාය මත හඹායාම වෙනුවට සමකාළින සමාජය තුල බෝද්ලෙයාගේ ආත්මීය ප්‍රකාශණයන් සහ තමාගේ නිර්මාණයන් සහෘදයාට ව්දගැනිමට සැලැස්වීම ඉතා ප්‍රසස්ත මට්ටමක පවතී. සැත්කමකින් තුවාලයක් සුචනය කරන්නාක් මෙන් තම නිර්මාණය රසව්දිනට ඔහු ආරාධනා කරයි.
සාම්ප්‍රදායික කලා ව්චාරයේදී ව්චාරකයින් වෙහෙසෙන්නේ කව්යාගේ අභිප්‍රාය සෙව්මටය. එව්ට කතුවරයා, කව්යා අදිනිෂ්චයවේ. රෝලන්බාත් කතුවරයාගේ මරණය සමග පාඨකයා නිර්මාණකරැවෙකු බවට පත්වන බව ව්සංයෝජනය කලේ එයයි. කවි ලිව්මම යනු කව්යා වද වේදනාවට පත්කරගැනිමයි . අපි කව්ය යනුවෙන් කියවාගන්නේ කව්යාගේ වේදනාවයි, නැතිනම් කව්යාගේ ප්‍රමෝදයයි. එය අපට අල්ලාගත හැකිනම් එහි කෙළවර ඇත්තේ වේදනාවයි . වෙඩ්වර්ධන අපිට බෝද්ලෙයාගේ කව්පොත තුළින් ආරාධනා කරන්නේ මෙන්නමේ දෙය අල්ලා ගන්නා ලෙසයි. තවද කව්යා වධයට ලක්කරන්නේ භාෂාවයි. කව්යෙකු යනු භාෂා මරඋගුලකට හසු වන්නෙකි. මෙම මරඋගුලේ නියාමයන් හොඳින් පුරැදු පුහුණු කෙනෙකුට මෙම උගුලෙන් ලෙහෙසියෙන් ගැලවයා හැක. භාෂාවෙි වහලෙකු නොවන වෙඩ්වර්ධන අපව ආශාව තුළට ගෙනැව්ත් අතහරි.
වෙඩ්වර්ධන තම කාව්‍යය නිර්මාණය සහෘදයාගේ කියවාගැනිම සඳහා වෙනස් ආකෘතියක බහාලයි , කාව්‍යාවකාශ, ආඣ්‍යානවකාශ, ක්ෂුද්‍රාවකාශ, ස්මරණාවකාශ ලෙස ඛණ්ඩනය කරම්න් තම නිර්මාණයට ප්‍රව්ශ්ටවේ.
ජාතික ශෝක ගීතයට මඳක් එමු.
කියන්නට කෙනෙක් නැත පිපාසයි ආනන්ද
ඉදින්මේ කව්යටත් ක්ලාන්තයි ආනන්ද
සුනු ව්සුනු කර නුඹට ලැබ දුනිද කාන්සිය
ගැඹුරැතර නිකේතනයක ලැබුව ශාන්තිය
නරි නරැම නොවන්නට නයන්නක් නැහැ නපුරැ
අපායක්ෂර නෙවෙද අපායක අකුරැ
සිරි බරිනි වරනැගෙන සුන්දරම හීනෙක
නිදියන්න ව්සිපහක් තිහක් පෙති ඕනිද
ජීව්තය ඇව්ලෙන්නෙ ප්‍රද්යාව මත්තෙ
ඇයි කියන් ආනන්ද දිව් නසා ගත්තෙ.
ඉංදියාවේ ශාන්ති නිකේතනය තුළ ශාස්ත්‍රීය ව්නයක් තුළ කලාව සංගීතය හැදෑරැ සහ තම මව්රට තුළ සමාජ මෙහෙවරේ මැදිහත් කරැවෙකුට තම නිර්මාණ කාර්‍යය තුළ වු ප්‍රතික්ෂේපවීම අවසානයේ සමාජ කේදවාචකයක් වු අන්දම වෙඩ්වර්ධන ප්‍රෂ්න කරයි. සිංහල ජාතිකත්වය අධිනිශ්චය වු සමාජ සැකැස්මක සංස්කෘතිය මෙහෙයවන බලවේගයන් පුරැදු පුහුණු කල අයම අවසානයේ එම සමාජබලවේගවලම වලම ගොදුරක්ව ජීව්තයෙන් වන්දිගෙවන්නට සිදුව්ම මොනතරමි අභාග්‍යක් ද මෙකි පුද්ගල ඛේදවාචකය උත්පුාසාත්මකව ගෙනඑනව්ට නැවත අපට බෝද්ලෙයා අභිමුඛවේ.
වෙඩ්වර්ධනගේ කුමාරෝදය කව්ය ගොඩක් දෙනෙක්ගේ අවධානයට ලක්වෙච්ච කව්යක් .මෙය පවතින පාලනාධිකාරිය ප්‍රෂ්න කරන එකක් ලෙසත් , තවත් සමහරැ මෙය සිංහල ජාතිවාදී ආගම්වාදි දෘෂ්ටිවාදී ආස්ථානයක් තුළ ලත් පාලක පන්තියේ දෘෂ්ට්වාදය තුළ බොහෝමයකගේ සමාජ ප්‍රාර්ථනාව තුළ කව්යා අතරමන් උවාද , නැතහොත් තමන්ද මෙකි දෘෂ්ට්වාදයට අනන්‍යයවුුුුනාද , නැත්නම් මෙකි සමාජ පරිවර්ථනය ව්‍යාජයක්ද පවත්නා සමාජ ආර්ථික කොන්දේසි තුළ මෙයට යාහැකි ගමන්මග ගැන දේශපාලනික හැගවුමක් අපට කියවා ගැනිමට වෙඩ්වර්ධන වෙහෙසෙයි. එක පැත්තකින් සිංහල බෞද්ධ දෘෂ්ට්වාදය තුළින් එතෙරව්මෙි කිසියම් ව්භවයක් අවංකවම පවත්නා පාලක පන්තියට තිබේද , ගමට ප්‍රාග්ධනය නොයාම තුළ අතරමන්වන ම්නිස් ජීව්තවල පැවැත්මවල් , ජාති ආගම් ගෝත්‍රවල ඇති අනෙකා ප්‍රතික්ෂේප කරන අවස්ථාවන් තවද ව්ප්රවාසිිව දිව්ගෙවනමුත් සමාජ දේශපාලන චලනයන් හමුවේ සර්වාතිුක නොවන සරලමතිකයින්ගේ හංසගීතය මෙය නොවේද යන උත්පුාසයෙන් යුතුව කියවා ගැනිමේ අවස්තාවක් වෙඩ්වර්ධන සහෘදයාට තිළිණ කරයි.
පවතින දරැනු සමාජ කොන්දේසි ඉදිරියේ දේශපාලනය හොබවන්නන් නොයෙකුත් වගාලාපයන් නන්දොඩවනු ලැබුවත් සිංහල බෞද්ධ දෘෂ්ට්වාදයට හිලෑවු පාලක නඩයකට වුවද මෙකි සමාජ කොන්දේසි වල චලනයන්ගෙන් ලෙහෙසියෙන් එතෙරව්මට නොහැක. යථෝක්ත සිමාඉරි අතික්‍රමණය කිරිමට ගොස් ජීව්ත වලින්ද වන්දිගෙව්මට සිදුවුවාර අපි ඇති පදම් දැක ඇත්තෙමු.නාගරික සහ ගැම් බයිනරිය තුළ ඇති බලරටා තුළ සාරය අහිම්වුවන්ගේ ආත්මීය ඛේදවාචකය ව්දාරනය කිරිම තුළ ඒය කොතරම් දේශපාලනිකද යන්නත් තේරැම් ගැනිමට සහෘදයාට බාරදෙයි. වෙඩ්වර්ධනගේ දේශපාලන ආස්ථානය කෙබදුදැයි මම නොදනිම්. තියුණු දේශපාලන හැදෑරිමක සිට්න කෙනෙකුට හැර සමකාලින සමාජයේ චලනයන් තේරැම් ගැනිමේ ව්භවයක් බොහෝ දේශපාලන සරලමතිකයින්ට නොමැතිබව නම් සත්‍යකි. මේ යුගයේ අපව පාලනය වන්නේ ව්නෝදය මත ම්ස ව්පර්යකාරකයන්ගේ ගිනිබෝල කරකැව්ම් වලින් නම් නොවේ. බොහොමයක් දෙනා පවතින දේශපාලන දෘෂ්ට්වාදයට පක්ෂපාතීව ඉහත කව්ය දෙස පුද්ගලානු බද්දව බැලිමත් තම දේශපාලන ප්‍රචාරකවාදීන්ගේ වගාලාපයන්ට ලක්වුයේත් ලාංකීය දේශපාලනය කියවාගැනිමේ දිළිඳුකම මතය.
කව්යේ න්‍යායික පැත්තට නාභිගත වුවහොත් , කව්ය යනු කුමක්දැයි යන්න නැවත වාරයක් අප තුළ හොල්මන් කරයි.කව්ය යනු අන් කිසිවක් නොව හැගවුම් කාරකයක් යැයි කියම්. එව්ට නැවත ප්‍රෂ්නයක් පැනනගී එනම් හැගවුම් කාරකයක් යනු කුමක්ද යන්නයි. හැගවුම් කාරකයක් යනු ව්ෂය ( subject ) නැතහොත් පුද්ගලයා තවත් හැගවුම් කාරකයක් වෙනුවෙන් නියෝජනය වන තැනයි. හැගවුම් කාරකයක් නියෝජනය කරන්නේ තවත් එවැනි හැගවුම් කාරකයක්මය. අප එය නම් කරන්නේ කතිකාව ලෙසයි. කව්ය කියන්නේ මෙන්න මේ කතිකාවටයි. කව්යක් කියවම්න් ච්ත්රපටයක් නරඹම්න් අප කරන්නේ එම කතිකාව තුළ නැවත නැවත අපව සොයාගාැනිමයි. වඩාත් නිර්මාණාත්මක කව්යක් යැයි අප කියන්නේ මෙම සෙව්මේ ව්භවය එහි තිබේනම් එය මතුවන ව්ටය. දැන් ඔබට වෙඩ්වර්ධන බෝද්ලෙයා තුළින් ගෙන එන කාව්‍යයමය කතිකාව කුමක්ද යන්න පැහැදිලිවනු ඇත.
Bushan pradeep.

Comments
Post a Comment