සකුන්ත හිරිමුතුගොඩ ලියන ලද අනවසරයෙන් ගෙතූ කව් මෑත කාලයේ තරැණ කවීන් අතරින් බොහෝමයකගේ  කව් පොත් තුල නැති කිසියම් වෙනස්මය හැඩයක් සහ ආකෘතිමය වෙනසක් තුල ලියවුවක්.එවැනි ආකෘතිමය වෙනසක් බලාපොරොත්තු වන්නෙකුට ඔහුගේ කව් තුලින් ව්සංයෝජනිය කියවීමකට යාහැක. හැම ආධුනිකයෙකුට මෙන්ම සකුන්තට ද තමන්ගේ ආත්මීීය ප්‍රකාශනය කියන්නට යෑමේදී කාගේ හෝ අත්වාරැවක් නැතුව එය කරන්නට නොහැකිවී ඇත්තේ ඇයි ද යන්න නිර්මාණකරැවෙකු  ලෙස    සිතාබැලය යුතු කරැනක්වේ.

පෙු්මය  පිළිබඳ සකුන්ත වෙනස්ම වු තැනක් අල්ලා ගැනීමට වෙහෙසෙයි. ආධුනික කව්යෙකු තුලින් පෙන්නුම් නොකරන ඇතැම් තැන් කව්ය තුලින් සිවුම්ව ස්පර්ශ කිරිමට සකුන්ත ගන්නා උත්සාහය ප්‍රසස්ත මට්ටමක පවතී. 

 ⁣මේ කව්ය බලන්න

බොහෝ කලකට පසු අදටත්

වල් වැදුණු බ්ම් කඩෙහි

මතක වැහි පොද වැටී

පෙු්මයේ  සුදු මීනී මල්

තවමත් සුපිපේ ඔබේ නම්න්ම.

අපේ ආත්මීයතාවයන් මුහුණ දුන් ආදරණීය අභිමුඛව්ම් තුල ඇතිකරනු ලැබු සුන්දර වේදනාවල් , ආත්මයේ ගැබුරැ තැන් සියුම් ලෙස කම්පනය කරවන්නටත් , දෙදෙනෙකු අතර ඇතිවන අහඹු අභිමුඛ වීමක අව්නිෂ්ච්තතාවය  පසු ආවර්තිතව අපව වේදනාවට පත්කරන්නට ඇත්තෙන්ම සමත්ව ඇත්තේ ඇයි ? එය පෙු්මය  තුලම ඇති භාදාවයි. පෙු්මයේ  සාර්ථකත්වය යනු එය සාර්ථක කරගැනිමට යෑමේදි එය තුලම එය අසාර්ථක ව්මේ ඇති ව්භවයයි. මෙම වේදනාවෙන් ගැලවීමට අපි ගොඩ නගන ප්‍රභන්දය කව්ය තුල , ගීතය තුල වඩ වඩා අප ආශාකරන්නට පුරැදු පුහුණුවී ඇති රහස ම්නිස් ආත්මීයත්මය තුළින්ම එන්නක් බව  අප තේරැම් ගත යුත්තක්. 

දැන් අපි සකුන්තගේ ඉතින් රොබරෝසියන් වෙතට නාභිගතවෙමු.

එහෙත් ලඟ ළඟම දිනයක

ම්නිසා ජය ගනී ඒ කරදර

ඒ දිනයෙහි අතු අගින් සුපිපී

ඔවුන් හට හිනැහෙන්න.

කව් ලිවීම තුළ කව්යා වද බන්දනයකට ලක්වනු ලබන්නේ නම් එය කරනු ලබන්නේ භාෂාව ව්සිනි. මෙහිදී භාෂාව අධ්‍යනය වෙනුවට කව්යා අවසානයේ ආශා අධ්‍යනයේ ගිලීයයි. මනුෂ්‍ය වර්ගයාට ලැබෙන භාෂාව නැමැති මෙම බ්යකරැ තෑග්ග , අප පිළිගත් වහා අපව යටත් කරගනී. එහි ආධ්පත්‍යයට අපව නතු කරගැනිමට මාන බලයි. ඇත්තෙන්ම කිව්වොත් භාෂාව මගින් සිදුවන්නේ සන්නිවේදනය සිදු කරගන්නා ආත්ම අතර සංකේතීය ගිව්සුමක් පැවත්වා ගැනිමය. 

කලා කෘතිය සහ සහෘදයා අතර ඇතිවන ගනුදෙනුව ආත්මය සහ වස්තුව අතර සබඳතාවය ලෙස ගතහොත් සකුන්තගේ කව්ය පෙරලාඅපව දැකිම අප  ( Gaze ) ග්‍රහනය කරගන්නේ  ඔහු කව්යෙකු ලෙසට  භෂා උගුලක හසුවන හැට් ව්මසීම තුලිනි.

සකුන්තගේ පෙු්මයට  ඇති අහයන්තර බාධාවන් වෙනුවට ඔහු බාහිර භාදාවන් අර්ථකථනය කරයි. එය ඔහු Fantasies කරයි, එසේම ⁣සියළුම බාධක ජයගෙන පෙු්මයේ අරැත ව්දගන්න පරිසරය සොබාව සෞන්දර්යයේ පහස ලැබගන්න බලාපොරොත්තු සහගත උතෝපියාවක් සහෘදයාට ඔහු යෝජනා කරයි. පෙු්මයේ රෝමෑන්තික සිහින තුල සහෘදයා තනි කරවා කාව්‍යය ප්‍රස්තුතයක් සොබාදහම තුල සොයායම්න් කරන මෙම ගනුදෙනුව හුදු සෞන්දර්ය වාදයක් තුල ඌණනය ව්මක් ද සිදුව්මයි. ඇත්තෙන්ම කව්යාට අවශ්‍යය වන්නේ ජීව්තය එහි සංකේතීයමය ස්වභාවයෙන් උදුරා වෙනත් සංදර්භයක පිහිටුවීමටයි. තමා ව්ස්තර කරන පරිසරය පෙරළා ඔහුගේ ජීව්තය නිර්මාණය කරයි.

සකුන්තගේ මේ කාව්‍යය දෙස බලන්න

තානායම් කවුළුවෙන් පෙනෙන ලෝකය( ( කදුකර පෙදෙසක තානායමක ලැගුම් ගැනීමට පැම්ණි  ධනවතෙක් සහ ඔහුගේ රියදුරු  කවුළුවෙන් පෙනෙන පරිසරය පිළිබඳ තැබු සටහනක් )

වලාකුළු අතරින් පෙරී

වැටෙන ළා හිරැ එළිය

කදු වළලු අතරින් එබී

හිනැහේය මා එක්ක

කොතෙක් දුර බැලුවද

නිමක් නැති කොළ පැහැය පිරැණු

කඳු මුදුන් මීදුම් සීතලට වෙළි ඉද

සිප ගනී නිල් අහස වරින් වර


රියදුරාගේ  (  Gaze )  බැල්මට ලක්වන  හැම දෙයක්ම ඔහු සෞන්දර්යාත්මක කරයි , කව්යාගේ භාෂාත්මක ලෝකයෙන් සහෘදයා ගලවා ආශාව තුල ඉන්දුවා එය ව්දගැනිමෙි අවස්ථාව සහෘදයාට ලබාදෙයි. මෙලෙස හිඳින ගමන්  දකින දෙය බලන්න.

හමුව්ය ඒ අතර 

ලැයිම් කාමර

අපිළිවෙලට අහුරා ඇති

තේ වතු අතරට මැදීව

මෙතෙක් දුටු ලස්සන

කොහිද .. ? ඒ වතු අතර

කුස ගින්නෙන් වැහිරැණු

ළමුන් , ම්නිසුන් ම්ස

කුඩ පිට මත බැදන්

වැඩට යන කම්කරැවන්ගේ

ව්ඩාපත් මුහුණු දකින කල 

දැනේ අඳුරක් කියාගත නොහැකි 

අවුරුදු  සියයකට වඩා පරම්පරා ගණනාවක් තිස්සේ දහඩිය ශ්රමය වගුරැවන වතුකරයේ පීඩ්ත ශ්රම්කයන් තම මුලික අවශ්‍යතාවයන් වත් ඉටුකර ගත නොහැකිව ගෙවනු ලබන අන්ත දරිද්‍රතාවය  කව්යාගේ දෘෂ්යමානයට හසුවන ආකාරය අපුරැය. පරිසර සෞන්දර්ය ව්දිම්න් එකවරම එයින් ගලවා ඒ තුලම ඇති සැගවුණු  මනුෂ්‍යය වර්ගයාගේ සදාතනික නොව්සදුණු ව්සදේයැයි දවසින් දවස බලාපොරොත්තු ඇතිව  ජීවත්වෙන පීඩ්තයාගේ ජීවන අන්දරය කව්ය තුල පිහිටුවයි. 

මෙය ධනවතා දකින ආකාරය බලන්න,

කොළ පැහැය ඉහිරැණු කඳු වැට්

ම්ලට ගෙන තැනිය හැකිය හෝටල් 

ගොඩ නැගිය හැකිය  ලාහ එයින්

කඳු වැට් පරයන උසට මහතට 

එසේම , 

කන්ද  කපා තවත් බ්මක් 

තැනුවොත් කොතරම් හොදද .

රියදුරා පරිසර සෞන්දර්ය  තුලම එයට වඩා දෙයක් එනම් එම පරිසරයේම අපා දුකක් ව්දින පීඩ්ත වතු කම්කරුවන්ගේ දෛිනික ජීව්තයේ ඛේදවාචකය දැක සහකම්පනයෙන්  යුතුව බලාසිට්න මොහොත තුල තම ස්වාම්යා ( ධනවතා ) මෙය  තමාගේ අර්චනකාම් එකතුකිරිම් අතරට ආ ෆැන්ටෑස්මට්ක සිහින අතරට එකතුකිරිමට කව්යා ගත් උත්සාහය  එක අතකට පරිභෝජනවාදයේ  නියාමනයන්ට යටත්ව අප ගතකරන ජීව්තය පිළිබඳ අපවම නිරැවත්කර පෙන්වා  ම්නිස් සිත්සතන් තුළ ඇති නරැමවාදී සිතුව්ලි පොලාපන්වන්නට සලස්වයි. 

ලංකාවේ කාව්‍යය කරණයේ නියෙලෙන බොහෝමයක් දුක ගැනම දිගටම කව් ලියන බව අප දනී. ඉදිරියේදීත් එය එසේම වනු ඇති බව මගේ ව්ශ්වාසයයි දුප්පත්කම , බඩගින්න, වාර්ගීක අර්බුද  මතුපිට්න් ව්‍යාජව අතපතගෑම, මෙවැනි ආක්‍යානයන්  තුළ තවම සිරවීසිට්න්නේ ඇයි ද යන්න අප ව්මසා බැලිය යුතුය.

දුක් ව්දීන ගැහැණුන් සමාජයෙන් කඩා වෙන්කරගන්නා සේ සකුන්ත ද වතුකරයේ දුක් ව්දින , වතුකරයේ දෙමළ ජන කණ්ඩායම්  ගැන දුක්වේ. ඇත්තෙන්ම   මේ පිළිබඳව මුලාවු අය සිට්ත් ද ?   සමාජය පෙලන අයුක්තිය  , අසාධාරණය  පිටුදැකිය යුතු බව සත්‍යකි , ඒ සඳහා කවර හෝ සමාජ දේශපාලන ව්‍යාපාරයකට බැදී කටයුතු කිරිමට කිසිම බාධාවක් නැත.එහෙත් කලාව තුළට එම මතවාද  කව්රැන් හෝ රැගෙන එන්නේ නම් , ඔවුනට උවමනා වන්නේ කලාව උතෝපීයානු දෘෂ්ටාන්තයක් බවට (  utopian Allegory ) පෙරලා ගැනිමටය. මෙය අපට බොහෝව්ට දකින්නට ලැබෙන සරල සත්‍යයයි. මෙම උගුල් වලින් කෙනෙකුට ගැලවී තමන්ගේ ආත්මීය ප්‍රකාශණය කල හැකි නම් ඔහු හෝ ඇය  අලුත් සමාජ සිතීමේ මුවදොර ලගට සේන්දුවී ඉතිරි සිමා මායිම් අතික්‍රමණය කලහැකි වේයැයි සිතම්. සරලව කියන්නේ නම් තමන්ගේ ප්‍රකාශණය උතෝපියානු දෘෂ්ටාන්තයකින්  එපිටට ගෙන එන්නට හැකිනම් එය තමන්ගේ ජයග්‍රහණයක් වනවා මෙන්ම  එය  සහෘදයාට දකරන ඉමහත් ගෞරවයකි .  

Bushan pradeep .

Comments

Popular posts from this blog