Posts

Showing posts from March, 2024

දිමුතු සමුද්‍රගේ අතුරු වීදිය නවකතාව ලාංකීය සාහිත්‍යය තුල වෙනස් මගක් ගත් කෘතියක් ලෙස හදුන්වනේ ඇයි

Image
  දිමුතු සමුද්‍රගේ අතුරු වීදිය නවකතාව ලාංකීය සාහිත්‍යය තුල වෙනස් මගක් ගත් කෘතියක් ලෙස හදුන්වනේ ඇයි? මෙතෙන්දී ලංකාවේ ලේඛකයින්ට වස්තු විෂය වෙලා තියෙන්නේ අතීතකාමය නැත්නම් ඉතිහාස කතා,වාර්ගික අර්බුදය ගැන ලියවෙච්ච කතා , 88 /89 දේශපාලන නැගීසිටීම් ගැන ලියවෙච්ච කතා මෙවා අතරින් උන්නතිකාමය මුල් කර ගත්ත නවකතා තමයි ගොඩක් ලියවෙලා තියෙන්නේ ...... ලංකාවේ සාහිත්‍යය සම්මානවලට නිර්දේශ වෙලා තියෙන්නේත් ජයග්‍රහණය කොට සම්මාන අරන් තියෙන්නේත් මේ උන්නතිකාමී නවකතාවන්ය... මොකක් හරි ගේමක් ගසා පවතින ආර්ථික ඉනිමගේ ඉහළට නැගීම මෙම කෘතිවල ඇති සාරයයි. මේවා වඩ වඩා පාඨකයින් කියවීමට පෙලඹිලා තියෙන්නේත් මේවට ඔවුන් ආශා කරන්නෙත් කෘතිය ඔවුන්ගේ ආශාව හා සම්ම්පාත වන බැවිනි ... අතුරු වීදිය තුළිනුත් දිමුතුට ඉහත කී ආකෘතියෙන් ගැලවෙන්නට බැරි වෙලා තිබුනත් කෘතිය සමග ඔහු කරන  හරඹය තුලින් ඔහු එහි පැරණි සීමා මායිම් අතික්‍රමණය කිරීමට හැකි වී තිබීම ඔහු ලද ජයග්‍රහණයයි.... ඇත්ත .... එක අතකින් බදුල්ල වැනි ප්‍රදේශයක ජීවත් වෙමින් ලාංකීය අධිපති සාහිත්‍යය කතිකා වට හසුනොවන අංකුර ලේඛකයකු වන දිමුතුලාට නිශ්ශංක විජේමාන්න වැන්නන්ගේ  සාහිත්‍යය ආභාෂය ලබා ඇත