දිමුතු සමුද්‍රගේ අතුරු වීදිය නවකතාව ලාංකීය සාහිත්‍යය තුල වෙනස් මගක් ගත් කෘතියක් ලෙස හදුන්වනේ ඇයි

 


දිමුතු සමුද්‍රගේ අතුරු වීදිය නවකතාව ලාංකීය සාහිත්‍යය තුල වෙනස් මගක් ගත් කෘතියක් ලෙස හදුන්වනේ ඇයි?

මෙතෙන්දී ලංකාවේ ලේඛකයින්ට වස්තු විෂය වෙලා තියෙන්නේ අතීතකාමය නැත්නම් ඉතිහාස කතා,වාර්ගික අර්බුදය ගැන ලියවෙච්ච කතා , 88 /89 දේශපාලන නැගීසිටීම් ගැන ලියවෙච්ච කතා මෙවා අතරින් උන්නතිකාමය මුල් කර ගත්ත නවකතා තමයි ගොඩක් ලියවෙලා තියෙන්නේ ...... ලංකාවේ සාහිත්‍යය සම්මානවලට නිර්දේශ වෙලා තියෙන්නේත් ජයග්‍රහණය කොට සම්මාන අරන් තියෙන්නේත් මේ උන්නතිකාමී නවකතාවන්ය...

මොකක් හරි ගේමක් ගසා පවතින ආර්ථික ඉනිමගේ ඉහළට නැගීම මෙම කෘතිවල ඇති සාරයයි. මේවා වඩ වඩා පාඨකයින් කියවීමට පෙලඹිලා තියෙන්නේත් මේවට ඔවුන් ආශා කරන්නෙත් කෘතිය ඔවුන්ගේ ආශාව හා සම්ම්පාත වන බැවිනි ...

අතුරු වීදිය තුළිනුත් දිමුතුට ඉහත කී ආකෘතියෙන් ගැලවෙන්නට බැරි වෙලා තිබුනත් කෘතිය සමග ඔහු කරන  හරඹය තුලින් ඔහු එහි පැරණි සීමා මායිම් අතික්‍රමණය කිරීමට හැකි වී තිබීම ඔහු ලද ජයග්‍රහණයයි....

ඇත්ත .... එක අතකින් බදුල්ල වැනි ප්‍රදේශයක ජීවත් වෙමින් ලාංකීය අධිපති සාහිත්‍යය කතිකා වට හසුනොවන අංකුර ලේඛකයකු වන දිමුතුලාට නිශ්ශංක විජේමාන්න වැන්නන්ගේ  සාහිත්‍යය ආභාෂය ලබා ඇතැයි කියා සිතනවා......

දිමුතුගේ අතුරු වීදිය නවකතාව වෙනස් හැඩයක් මවන්නට ඔහු කවියත් ඔහු රුචිකත්වයක් දක්වන නාට්‍යයත් එකතු කොට ගොතන ලද ගෙත්තම තුලින් අතුරු වීදිය ආලෝකමත් කිරීමට ඔහු මෙහිදී සමත් වී තිබෙනවා. කෘතිය කියවා ගෙන යාමේදී මෙම නැවුම් අත්හදා බැලීම තුලින් කෘතියට කිසියම් හානියක් වේයැයි සිතුවත් එහි සමබරතාවය මනා ලෙස හසුරුවා ගැනීමට ඔහුට හැකි වුනා.

මෙම  කෘතිය ඔසවා තැබීමට ඔහු ගත් උත්සහය ජයග්‍රහණය කිරීමක්......

දැන් අපි අතුරු වීදියට ඇතුල් වෙමු...........

 "අතුරු වීදිය ඒ වන විට හොදටම අඳුරේ ගිලී අවසන්.සැතපුම් 2ක් පමණ දුර යා යුතුව තිබිනී. ප්‍රධාන වීදියේ ලාම්පුවේ අලෝකය යාර 50ක් 60ක් දුරට විහිදිනි.ටිකෙන් ටික ඈත්ව යන්නට යන්නට ආලෝකය අදුර තුළ ගිලිනී. අතුරු වීදිය මුල් කොටසේ නම් තට්ටු දෙකෙ තුනේ නිවාස වූයෙන් ඒවායේ ආලෝකය යාන්තමට වාගෙ අතුරු වීදියට විහිදිනි. තවත් ඈතට යන්න වූයේ තනි තට්ටුවේ ගෙවල්ය. ආලෝකය වීදියට වැටුණේ නම් නැත.ගෙදර ඉස්තෝප්පුවට විදුලි පහනක් දමන්නට ඔවුන්ට වත්කමක් නොතිබුනේද  යන්න හිච්චිට ගැටලුවකි. ඊට පස්සේ ඉතින් තිබුනේ පැල්පත් වල අදුරද වීදියට වැටි වීදියේ අදුර තවත් තිව්‍ර්‍ර වූ පෙදෙසයි. බූමිතෙල් සුවද විදිහට විහිදුණු පෙදෙසයි.බොහෝ සුසුම්ද මද සිනහද විහිදුණු පෙදෙසයි.ඒ සුසුම්ද සිනහද ඇසුනද ඒවා දකින්නට බොහෝ අමාරුය. පැල්පත් ගිලී ඇති අදුර තුළ ඒවා වීදියට පෙනුණේ නැත. ඒවා බලන්නට වීදියට නරඹන්නන් ආවේද නැත. 

දරිද්‍රතාව පත්ලේ ජීවත්වන හිච්චි ඇතුළු ජීවත්වන්නන් පිළිබඳ සමාජමය හරස්කඩක් දිමුතු මෙහිදී මනාව ගෙන එනු ලබයි. 

තම මව හදන කඩයප්පන් කඩවලට විකීනීමත් පීටර් මුට්ට කර ගසාගන්නා මුදලිනුත් ජීවත්වන හිච්චිලාගේ කුටුම්බය තුළ සිටින අයෝමය හස්තය තම මව බව පෙන්වීමට දිමුතු ප්‍රකාශ කරන ආකාරය බලන්න .....

හිච්චි හෙමින් සීරුවේ ගෙයින් පසු පසට යද්දීත් අම්මාගේ දිගු සෙවණැල්ල වූයේ කුස්සි උලුවහු රාමුවෙන් ඉවතට ඇදී ගොස්ය. පාඨකයෙක් ලෙස කතාව මුල සිට ගොඩක් දුරට කියවගෙන යද්දී මට කතාව අහුවෙන තැන තමයි හිච්චිගේ (සේපාල ) තම ජීවවිද්‍යාත්මක පියා කුඩා කල තමාට අහිමි වී යාම සහ දිමුතු අතුරු වීදිය තුලින් මට සම්මුඛ වන තැන තමයි මෙතන.

අතුරු වීදිය මැද හරියෙන් ඝන අදුර මැදින් කලු අවතාර මතු වුයේ මුහුණ ආවරණය කරගෙනය. අවතාර 5ක් 6ක් පමණ විය.තාත්තා අතුරු වීදිය මැදම පමණ නැවතුනේය. හිච්චි හෙමින් බිම තැබුවේය.ඉදිරියට ගියේය.අයියා ද පසකෙන් සිට ගත්හ. පසු පසට යන්නට හිච්චිට හිත දුන්නේ නැත.කලු අවතාර තාත්තා වෙලා ගත්හ. අයියා කෑ ගසන හඩ ඈතට ඇසුණි. හිච්චිට කෑගසන්නට ඕනෑයැයි සිතුනේ නැත.කලු අවතාර ඈතට වෙද්දී තාත්තා සිටියේ ලේ ගලමින් බිම වැටීය. තාත්තා ද යලි නැගිට්ටේ ද නැත. අවතාර වත්කල බූමිතෙල් මතට විසි වූ ගිනිකූර තාත්තා ඇවිලුණේය.ගින්නට ද කෙල ගැසු අවතාර අතුරුදන් වුහ.අයියාත් එම ගින්නෙන්ම ජීවිතයට සමුදුන්හ.

දිමුතු මෙහිදී සේපාලට තම පියා අහිමි ව යාම එතරම් පළල් විස්තර කිරීමට නොගොස් කතාවට අවතීර්ණ වීම මෙහි ඇති විශේෂ ලක්ණයයි.පියා අහිමි වී යාම තුළ පීටර් ඔහුගේ ජීවිතයට බලපෑම් කීරීමේ චරිතයක් නොවූවත් කුටුම්බ සංරක්ෂණයේදී පීටර්ගේ මැදිහත් වීම තුලින් තමන්ගේ ජීවිත‍ය වෙනස් කීරීමට වඩාත් බලපෑම් කිරීමෙ චරිතය වූ ආනන්ද අයියා සම්මුඛ වීම තුලින් හිච්චි ( සේපාල ) පැටිවියේ සිට තරුණයෙකු ලෙස සමාජගත වන තුරුත් දියුණුවේ මතුමහල දක්වා නැගීමට ඉහත චරිත යොදාගෙන දිමුතු කරන මෙම හරඹය හරි අපුරුය.

නවකතාව තුළ ගොඩනංවන ලද පැල්ම තුළ මැදිවියේදී  සමනලී සේපාලට සම්මුඛ වීම පාඨකයා තුළට ගෙන එන අන්දමත් එම පැල්ම නැවත ආකෘතිමය හරඹයන් පාමින් වියමන් කිරීම මනා අපුර්වත්වයක් ගෙන හැර පායි. පවුල තුල වත්මාගේ ආදරය අහිමිවන සේපාල සමනලි තුලින්  ම්යයම්න් සිට්න සේපාලට අලුත් ජිවන සුස්මක් ව්දිමට ඇය කථාවට සම්බන්ද වන ආකාරයත් ⁣වත්මාගේ (බ්රිදගේ ) ආදරයෙන් සම්පුර්ණයෙන් ඉවත්ව්මට සේපාලට නොහැකිව්මත් අතිත ආදරය තුල ප්රතික්ෂේප ව්ම් ව්දව්ම් කඩාවැට්ම් තුල අතරමංව සිට්න සේපාල ව්දම්න් සිට්න වේදනාත්මක මෙලන්කොලික සතුට සමනලි සමග කරන සංවාදය දිමුතු ⁣පාඨකයාට ගෙනඵන අපුරැව බලන්න 

මට බැහැ මගේ ගෙවත්තේ ඇති පස් ඔක්කොම ව්සිකරලා දාන්න එතකොට එතන ගෙවත්තක් නැහැ අපිට අතිතයේ ව්ෂ එක්ක ඡිවත්වෙන්න වෙනවා . සමනලි ව්කල්පයක් නැහැ.

ලාංකිකය  උන්නතිකාම් සාහිත්‍යය ගොහොරැව තුලට ඇදවැට්මට තිබු නව කථාවක් ඉතාශුර ආකාරයට කරනලද ආකෘතිමය හරභය තුල ඔහු කරන ලද පෙලගැස්ව්ම නිසා අතුරු ව්දිය නවකථාව පාඨක මනසතුල ච්රාත් කාලයක් ලැගුම්ගනු නොඅනුමානයි. 



Comments

Popular posts from this blog

දෙවොල් බිම දෙදරයි