දෙවොල් බිම දෙදරයි

                                                  

සත්‍යයපාල ගල්කැටිය අපි ගොඩක් වෙලාවට දැක තිබෙන්නේ පරිවර්ථන සාහිත්‍යයේ නියැලෙන්නෙකු ලෙස ඉතාම වට්නා පරිවර්ථන කෘති රාශියක් අප හමුවට මේවනවිටත් ගෙනැවිත් තිබෙන්නෙකු ලෙසය.

ඔහුගේ පලමු ස්වතන්ත්‍ර නවකථාව දෙවොල් බ්ම දෙදරයි නම්න් දැන්  නිකුත්වී  ඇති අතර එය ඔහුගේ සාහිත්‍යය ලෝකයේ අලුත් හැරවුම් ලක්ෂයක් වී ඇති බවනම් සත්‍යයක්. මම එහෙම කියන්නේ ඇයි දෙවොල් බ්ම දෙදරයි කෘතිය ඔහුගේ මුල්ම නවකථාවෙන් කියන්න හදන ආඛ්‍යානත් එහි ආකෘතිමය වෙනසතුල නව අත්හදා බැලිමක නිරතවීම තුලින්නම ඔහු කෘතියට සාධාරණත්වයක් කර ඇතැයි සිතේ.

මායා යථාර්තදයත් අධ්යථාර්තවාදයත් කැට්කොට ඔහු ගොතන ගෙත්තම ප්‍රශස්ත මට්ටමක පවති. මෙහි කතානායක චන්දරේ ග්‍රාමීය පවුල් පරිසරයක ඡිවත්ව කොළඹ නාගරික ජිව්තයට පැමිණ සමාජ සංස්කෘතික ජිවිත⁣යේ අක්මුල් සොයායන්නෙකු ලෙස ජිව්තයේ සැබැ අරැත ⁣සොයා සංචාරය කරන අතර ඔහුට හමුවන ඉන්දිරා තුලින් ඔහු ලෝකය ⁣දැකිමට උත්සාහගනි ඉන්දිරා කොළඹ ඉහල මධ්‍යම පාන්තික ජිවිතයකට උරුමකම් කියන්නියක වන අතර ඉහල සංස්කෘතිකමය ජීවිතයක් හිමි  ඉන්දිරා තුලින් චන්දරේ ලෝකය ස්පර්ශ කිරිමට දරන උත්සාහය කෘතිය පුරා දිවෙයි. 

ඉන්දිරා හමුව්මට යෑමේදි ඇයගේ නිවසට ඇතුළු වන චන්දරේ ⁣මෙන්ම කියවන පාඨක අපවත්, අපත් නොදන්න කිසියම් අෂ්ශීල ආශාවකින් නිවසට ඇතුළුවෙයි, නමුත් ඇය නිවසතුල  හාවනායෝගිව සිට්නු දැකිමෙන්  අප තුල ගොඩනැගෙන  ෆැන්ටසිය පුපුරායාමත් ඇය ගෙවන ජිව්තයත් ඇයගේ ආශාව කුමක්ද යන්නත් සෙවීමට අපව පොළඔවනු ලබයි.

තවත් දවසක චන්දරේ සමග නාට්‍යයක් බලන්නට යන ඉන්දිරා බැල්කනි අසුනක ඉදිමින් ගංජා සුරුට්ටුවක් උරන්නට පටන්ගැනිමත් සමග ඉන්දිරා ගේ ආධ්‍යත්මික ෆැන්ටසිය බ්දවැටී කිසියම් නාගරික හිපි සංස්කෘතියකට  පොලාපැනීමක් මගින් ඉන්දිරාව කතුවරයාට අවශ්‍ය ආකාරයට පාඨකයාට කියවා ගැනිමට සැලැස්වීම මෙහිදි සාර්ථකවී ඇත.

ඉන්දිරාගේ ජීවිතයේ පැවැත්ම පිළිබඳ කිසියම් කියවීමට අපව ගෙනයන ගමන්ම ගැහැණිය යනු කව්ද යන්නත් ඇගේ ආශාව කුමක්ද යන්නත් සෙවීමට යැමේදි අත්දකින්නට ලැබෙන්නේ කුමක්ද ? මෙය අනවතර ගැටළුවක් ලෙස ඉතිරි වන්නක් වෙයි.

චන්දරේ උත්සාහ කරන්නේ ඉන්දිරා තුලින් ජීවිතය කියවීමටයි, තමාගේ සංස්කෘතිය අනෙකා තුලින් විකසිත කරවමින් චන්දරේ තමන් කව්ද කියා සොයන්නට ගන්නා උත්සාහයන් කෙබදුද. 

වරෙක ඉන්දිරා තමාට දුරස් කිසිදා දැක නොමැති ගැමි ජිවීතය, ගැමි සංස්කෘතිකමය මුලයන් දැකිමේ නොතිත් අශාවකින් යුක්තව ගැමී නාට්‍ය බැලිමට එහි ආශ්වාදය විදිමට  සොකරි නාඩගම  බැලිමට චන්දරේ ද සමගින් ඔහුගේ ගමට යයි. සැබෑ ගම යනු කුමක්ද වග දන්නා චන්දරේ මෙයට අකමැතිමුත් පසුව ඇය සමග ගමන් අරඹයි.  ගැමි ජිව්තයේ ඇති පසුගාමීත්වය,  ච්න්තනමය දිළිඳු බව සහ  මිනිස් සම්බන්දතා වල ප්‍රථමිකභාවය මෙහිදී කතුවරයා මනාව ගෙන එනු ලබයි.

චන්දරේ ජීවිතයේ නීරස්සන හිස්බව ට එරෙහි ආත්මීය කැරලිකරුවෙකු බවට පත්වී ම්නිස් ජීවිතයේ ඇත්තම  පැවැත්ම සොයායැමේදි, විටක ප්‍රංශ දාර්ශණික සාතේව කැදවයි. ඔහු සමග සංවාදයකට මුල පුරයි. මායා යථාර්ථවාදීව ගොඩනගන සංවාදය තුලින් කතුවරයා පසු ආවර්තිතව මිනිස් ජීවිතවල ඇති නිස්සාරනත්වය මිනිස්  ජීවිතවල පැවැත්ම පිළිබඳ නැවුුුම් කියවීමකට අපව යොමුකරවයි.

ඉන්දිරා සහ චන්දරේ අතර ගොඩනැගෙන මිනිස් සම්බන්ධතා තුලින් ඉන්දිරා තුල නැති නමුත් ඇයගේ ඇතුලත හට ගන්නා හැගීමක් මත චන්දරේ එම නොහදුනාගත් දෙයට දක්වන ප්‍රතිචාරය ඔවුනොවුන් දෙදෙනාටම කියවාගත නොහැකිව කරන මෙම ගනුදෙනුව ආදරයද?

කෘතියතුල මිනිස්සිත තුල ගොඩනැගෙන ජාගර සිතුවිලි සහ අෂ්ශීල ෆැන්ටසි දෙවොල තුල ගොඩනංවන  මායා යථාර්තවාදය  උපයෝගි කරගනිමින් කරන වියමන ඉතා ප්‍රශස්ත මට්ටමක පවතී. චන්දරේ ග්‍රාමීය මුලයන්ගෙන් පැම්නිය ද  වඩාත් සංස්කෘතික දියුණු මිනිසෙකු ලෙස ජිවිතය ආරම්භ කිරිමට අත්වැල සපයන ඉන්දිරාට ගෞරවනිය ලෙස ඇය ආරක්ෂා කිරිමට ද ඔහු වගබලාගනි.

ඇයගේ දිගුවන් කේශකලාපය  ඇය වරෙක සහයෝගය දුන් දේශපාලන ව්‍යාපාරයක තරුණ සමාජිකයන් දෙදෙනකු විසින් මහමග කතුරකින් කපාදැම්මත් ඇය එම දේශපාලන ව්‍යාපාරයෙන් ඉවත්ව්මත් සමග එකවර දෝහියෙකු ව්ම  ලාංකිකය වාමාංශික දේශපාලනයේ ඇති ගෝත්‍රීක ලක්ෂණ එහි ඇති ච්න්තනමය දිළිඳුකම සහ නාගරික සංස්කෘතික ජීවියාට ඔවුන් කොතරම් දුරස්ථද.

ග්‍රාමීය දේශපාලන දෘෂ්ටිවාදය ලාංකිකය දේශපාලනය  තුල දක්වන අන්ත පසුගාමීත්වය තේරුම් ගැනිමේ යතුරක් ඔහු අප අත තබයි.  ලාංකිකය වාමාංශික දේශපාලනයේ නියැලි  එවකට ජනපිුය චරිතයක් වු නන්දන මාරසිංහ  ව්මුක්තිකාම්න් විසින් වෙඩ්තබා ඝාතනය කිරිම පසුආවර්තිතව ගෙනඒම මගින් ලාංකිය ග්‍රාමීය දේශපාලනයේ බරපතළ සිමාමායිම් ලකුණු කරන්නට සමත්වනවා මෙන්ම තමාගේ අනෙකාට දේශපාලනමය වශයෙන් අභිමුකව්මට ඇති දැඩ් අකමැත්ත දියුණු දේශපාලන සංස්කෘතියකට ගමන්කිරිමේදි  ඔවුන් කොතරම් දුරට තේරැම් ගෙන ඇතිද යන්නත් ව්‍යවහාරිකව තේරුම් ගැනිමට සලස්වයි.

නවකථාවේ ආකෘතිමය හැරවුම තුලින් දෙවොල් බ්ම දෙදරයි කෘතිය පාඨකයාට සම්පව්මට ඇති හැකියාව මොනයම් ව්දියකින්වත් පුළුදු නොකර ගැනිමට ගන්නා උත්සාහය අගය කලයුත්තක්.

නන්දන මාරසිංහ ඝාතනය  ව්මුක්ති ගි ප්‍රසංග මේවා නුතන තරැණ පරපුර තුලින් කියව්මකට ලක්වේද ? ඉතිහාසය වලදමා ඇති  නුතනත්වය තුල නැවත සමකාලින සමාජ⁣යේ ජිවත්වන්නන් යනු ඉතිහාසය අමතක කොට වර්තමානයේ ජිවත්වන්නන්ය. මේ යුගය අපට කියන්නේ කුමක්ද පරිභෝජනවාදය තුල ගිලෙම්න් ජිව්තය ව්දින්න මේ මොහොතේ ජිවත්වන්න ඒ හැර වෙන කුමක්ද.

ඉන්දිරා දේශපාලන ⁣ දෝහියෙකු ලෙස සලකා ඇයව වෙඩ්තබා මරාදැම්මෙන් චන්දරේට තම ජිව්තය තුල සිට් දියුණු සංස්කෘතික අනෙකා අහිම්කිරිමයි, ඔහු පෙර කවරදාවත් අත් නොව්දි දරැනු හිස්කමත් මනුෂ්‍ය ජිව්තවල පැවැත්ම අහිම්යෑමේ උභතෝකෝට්යක අපව හිරකරනු ලබයි.

ම්නිස් ජිව්තවල ආශාව සොයායැමේදි ද ජිව්තවල පැවැත්ම අහිම්වී  යැමේද ඉන්දිරාට සහ චන්දරේට කිසිදා ලගාව්ය නොහැකි අදුරුු  අගාදය කිසිදා සම්පුර්ණ කරගත නොහැකි ම්නිස් ආශාවයි අපට පරිපුර්නත්වයකට ලගාවි   නොහැක්කේ ඇයි එයට ස්වයං භාදාවක් ඇතිකර ගැනිම තුලින් අපට ව්නෝදව්ය හැක.

 ඉන්දිරාගේ දිගු වරලස කතුරෙන් කැපිමෙන් නන්දන මාරසිංහට වෙඩ්තබා මරාදැම්මෙන්  කෘතියට අනුව අවසානයේ ඉන්දිරාට ද වෙඩ්තබා මරාදැම්මෙන්  තමන්ගේ දේශපාලන අනෙකා මරාදැම්මෙන් ග්‍රාමීය දේශපාලන දෘෂ්ටිවාදයට සතුටුව්ය හැකිද එය මුළු මහත් ලාංකිකය සමාජ⁣යේ බරපතල කඩවැට්ම නොවන්නේද යන්න කෘතිය තුලින් කියවාගැනිමට සලස්වයි. 

ලාංකිකය දේශපාලන දෘෂ්ටිවාදයේ දරුනු පරාජයත් දියුණු සංස්කෘතික ම්නිසෙකු බිහිකිරිමට අසමත්ව් ඇත්ද යන්නත් සිතාබැලිමට බලකරන කෘතියක් ලෙස සත්‍යයපාල ගල්කැට්යගේ මෙම කෘතිය කරන බලපැමෙන් ලාංකිකය අපට ගැලව්ය නොහැක. එබැව්න් ඔහුකරන මෙම පැම්නිල්ල අපි මුලු මහත් සමාජයක් ලෙස බාරගතයුතුය යන්න මගේ යෝජනාවයි.

දැන් ග්‍රාමීය දේශපාලන දෘෂ්ටිවාදයට අළුත් අනෙකෙකු අභිමුකවී තිබේ, ඒ නුතන පරිභෝජනවාදි සමාජ⁣ය දේශපාලනය සහ එයට ප්‍රතිපක්ෂව ගොඩනැගිඇති  වෙළදපොල ආර්ථිකය හමුවේ ම්නිසුුුන් අඵ දුවිලි බවට පත්කරඇති දරුණු යථාර්ථය මගහැර යාමට බලකරන මාහැඟි කෘතියක් ලෙස මෙය නම්කල  හැකිබව නම් කිවයුතුමය.  

 

බියුෂාන් කණ්ඩම්බි



 


Comments

Popular posts from this blog

දිමුතු සමුද්‍රගේ අතුරු වීදිය නවකතාව ලාංකීය සාහිත්‍යය තුල වෙනස් මගක් ගත් කෘතියක් ලෙස හදුන්වනේ ඇයි