Posts

Showing posts from April, 2024

දෙවොල් බිම දෙදරයි

Image
                                                   සත්‍යයපාල ගල්කැටිය අපි ගොඩක් වෙලාවට දැක තිබෙන්නේ පරිවර්ථන සාහිත්‍යයේ නියැලෙන්නෙකු ලෙස ඉතාම වට්නා පරිවර්ථන කෘති රාශියක් අප හමුවට මේවනවිටත් ගෙනැවිත් තිබෙන්නෙකු ලෙසය. ඔහුගේ පලමු ස්වතන්ත්‍ර නවකථාව දෙවොල් බ්ම දෙදරයි නම්න් දැන්  නිකුත්වී  ඇති අතර එය ඔහුගේ සාහිත්‍යය ලෝකයේ අලුත් හැරවුම් ලක්ෂයක් වී ඇති බවනම් සත්‍යයක්. මම එහෙම කියන්නේ ඇයි දෙවොල් බ්ම දෙදරයි කෘතිය ඔහුගේ මුල්ම නවකථාවෙන් කියන්න හදන ආඛ්‍යානත් එහි ආකෘතිමය වෙනසතුල නව අත්හදා බැලිමක නිරතවීම තුලින්නම ඔහු කෘතියට සාධාරණත්වයක් කර ඇතැයි සිතේ. මායා යථාර්තදයත් අධ්යථාර්තවාදයත් කැට්කොට ඔහු ගොතන ගෙත්තම ප්‍රශස්ත මට්ටමක පවති. මෙහි කතානායක චන්දරේ ග්‍රාමීය පවුල් පරිසරයක ඡිවත්ව කොළඹ නාගරික ජිව්තයට පැමිණ සමාජ සංස්කෘතික ජිවිත⁣යේ අක්මුල් සොයායන්නෙකු ලෙස ජිව්තයේ සැබැ අරැත ⁣සොයා සංචාරය කරන අතර ඔහුට හමුවන ඉන්දිරා තුලින් ඔහු ලෝකය ⁣දැකිමට උත්සාහගනි ඉන්දිරා කොළඹ ඉහල මධ්‍යම පාන්තික ජිවිතයකට උරුමකම් කියන්නියක වන අතර ඉහල සංස්කෘතිකමය ජීවිතයක් හිමි  ඉන්දිරා තුලින් චන්දරේ ලෝකය ස්පර්ශ කිරිමට දරන උත්සාහය කෘතිය පුරා දි