Posts

Showing posts from September, 2026
Image
කවි ලිවීමම යනු කවියා වද බන්ධනයට පත්කර ගැනීමක් නම් චේත්‍යාගේ කවි වලින් එලියට පනිනු ලබන්නේ එම වේදනාත්මක මොහොතයි.  උල්පතක් රැගෙන ඇවිදින මගියා නැමති ඇයගේ නවතම කාව්‍යය සංග්‍රහය තුලින් ඇය ජීවිතයේ  සිදීබිදී ගිය තැන් , මිනිස් සබදතා තුල ඇති වන කඩාවැටීම් , ගැහැනියකගේ ආත්මීය වේදනාවන් අටෝරාසියක් ඇය සහෘදයා හමුවට ගෙන එන්නේ ඉතාම සංයමයකින්. ඇයගේ මෙම කාව්‍යයමය ඉපදීම තුල ඇයටම අනන්‍යය වු කාව්‍යමය භාෂාවක් ඇය ඉතා සුරුවම්ව හසුරුවයි.   මෙම කාව්‍යය සංග්‍රහය පවතින සමකාලීන දේශපාලන රාමුව තුල බහාලා තමන්ට රුචි ලෙස තමන්ගේ දේශපාලන දෘෂ්ටිවාදය තුල ස්ථාන ගතකොට එමගින් විනෝදවන  පිරිස් සිටීනා මෙවැනි මොහොතක , චේත්‍යාගේ කවිවලින් එලෙස විනෝදවීමට ඇය ඉඩනොදේ . ඇයගේ කවි හොදින් පිරික්සීමෙන් පෙනෙනුයේ මිනිස් ආත්මයේ විදවීම් සහ පරාරෝපිත මිනිස් ආත්මයන් පිළිබදව නොයෙක් මානයන් ඇය ස්පර්ශ කිරීමට උත්සාහ ගැනීම මිස අනෙකාගේ ආශාවේ උපකරණයක් වීම නොවේ.  අතීතයේ මතු නොවන නගරය  කණමැදිරි එළියෙනුත් බැට කා රෑ දවල් දෙක වළේ වැටිලා ගොනා ඇනලා වළං බිදිලා තවත් කෙනෙහෙලිකම් ගොඩයි මඩ වගුරකින් මුහුණ සෝදා ගිනිහුළක් දල්වන් මගට ආ අත...