ආදර සාදය
ආදර සාදය තුළ සිට්න සංජය ඈපා නිර්මාණය වුනේ අනෙකත්වය තුළින් සහ සංජය තුළ සිට්න තමන්ට වඩා කෙනෙක් නිර්මාණය කලේ අනෙකා තමයි. නමුත් මෙහි ඇති ව්ශේෂත්වය නම් සංජයට සමාජය ව්සින් දෙනලද අනන්‍යයතාවය අනවශ්‍යය යටත් වීමකට ඔහු ලක් නොවී සිට්මයි. සමාජ අනන්‍යයතාවය ඉල්ලා හඩනගන ව්ශාල පිරිසක් අරක්ගෙන සිට්න කලාත්මක සමාජයේ මේ ඉදිම අමාරැ වැඩක්, ඒත් එලෙස තම ජීවන අනුභුතීන් සමග තම පැවැත්ම පෑහීමක ප්‍රතිථලයක් ලෙස සමාජගත කල මෙම ආත්ම්ය ප්‍රකාශණය සහෘදයාට බැරෑරැම් ලෙස භාරගැනිමට පොලඹවන්නේම එම ජීවන ලාලසාවයි. ඇත්ත කෙනෙකුට තමන් තුල සිට්න තමන්ව සොයාගත හැකිනම් එය කොතරම් දුරට දාර්ශනික ආස්ථානයක් උසුළයි ද යන්න නැවත සිතාබැලිය යුක්තක්. සංජය කරම්න් සිට්න්නේ ද එයයි. එසේම ඒ සඳහා තමන් ව්සින්ම ආත්මීීය කැරෑල්ලක් ගැසිය හැකිනම් තමා තුළ සිට්න තමාව ඇස් ඉදිරිපිට නිරැවත්වීම තුළ කැඩ් බ්දි ගිය ආත්මීය වේදනාවල්වල දිග පළල කියවා ගැණිම සඳහා එය මහත් පිටුවහලක් සපයයි. කැබලිවී ගිය ආත්මීයත්වයට ප්‍රාණවායුව මුසුකිරිමේ උත්සාහයක සංජය නිරතවෙම්න් සිට්. ආදර සාදය තුළින් ව්නිව්දිනු ලබන්නේ එම එලැඹුමයි....