නුහුරු නුවරකට නුදුරුව
නුහුරැ නුවරකට නුදුරැව මංජුල පී. පෙරේරාගේ පළමු කාව්‍යය සංග්‍රහය කව්ය අඩස්සිගත වුවන්ට යම් උත්තේජයක් සපයන්නේ යැයි යන්න මගේ හැඟීමයි. ලාංකීය කාව්‍යය ක්ෂේත්‍රය තුළ තනි පුද්ගලයෙකුට රැඳි සිටිම තරමක් අමාරු කාර්යයක් ,විවිධ කල්ලි කණ්ඩායම් මත රැඳී ස්වකීය නිර්මාණයන් පෝෂනය කිරිමත්, ක්‍රියාකරන පිටකසා ගැනීම් වලින් තමන්ව ප්‍රක්ෂේපණය කිරිමට පෙලඔවී සිටීමත් මත ස්වාධීන නිර්මාණ කරැවෙකුට නැගී සිටීම මේ යුගයේ ඉතාමත් අසිරැ බව සහෘදයන් හොදාකාරව දන්නා කරැනක්.මංජුලගේ කව්තුල යම් අපුර්වත්වයක් ඇතැයි සිතෙන්නේ ඔහුගේ නිර්මාණවේශය තුල ඔහු අල්ලාගත් තැන් සහ ම්නිස් ජීවීතවල කැබලි පුරැද්දා කිසියම් සමස්තයක් ගොඩ නගන්නට ඔහු ගන්නා උත්සාහය තුලය.
ලාංකීීය කෙට් කව්ය බලහත්කාරයෙන් අපහරණය කරන්නට තතනන නිර්මාණ කරැවන් අතරින් මංජුලට යම් ශික්ෂණයක් ඇතැයි සිතේ, භාෂාව තුළද කව් බස වෙන කිසිවක් නොව භාෂාවේ ආධිපත්‍යය කවීන් තුළ ක්‍රියා කරන ක්‍රමවේදයක් යැයි යන්න ඉපැරැණි මතය ඔහු ප්‍රතික්ෂේප කරන්නෙක් යැයි මට සිතේ. කව්යාගේ අහිපුාය කුමක්ද යන්නත්, සහෘදයා සහ තමා අතර , නිර්මාණය අතර පරතරය තුළ සිට සහෘදයාට ආමන්ත්‍රණය කරයි.
දැන් අපි මංජුලගේ නිර්මාණ තුළට නාභිගතව ඔහු කියවා ගැනිමේ ඉම පෙදෙස් පුළුල් කර ගනිමු.
කුල මතින් පනිද්දී දොල
කවුරැ තැබුවෙ ද ඇල්ල යැයි නම
උස් ව නග නගා දුම
මායාකාරී රැගුමකි ය ඔය
සකුණ පද ලිහුමක
පෙඳ පාසි හිනාවක
පත් අගිසි සිපුමක
නැවතෙනු නොහැකි ක්ෂණයකි
ද්‍රව්‍යමය තනිය පමණකි
උස් පහත් ළයකි
දිග් දිගට හැඩුමකි
කඳු වළලු පාදමෙත්
පාෂාණ තලයට
තිබ්ය නොහැකි ද සැගව
කඳුළු ග්‍රන්ථි
ස්වභාව ධර්මය සහ ම්නිස් ච්ත්තාවේගයන් අතර පිරිමැදීමක් සහ එම ද්වන්දයන් අතර ම්නිස් ජීව්තවල ඇති දුක්ඛ දෝමනස්සයන් ගේ සදාතනික වැලපුම සිවකීය ච්ත්ත සන්තානයන් අතර දෝලනය වන ආකාරයත්, මිනිස් ජීව්තවල කඩාවැටීම් , අහිම්වීම්වල වේදනාත්මක ඉදීම් අටෝරාසියක් සගව ගනිම්න් අනෙකා සමග ගනුදෙනු කරන ආකාරය බලන්න.
ගැඹුරැ සයුරෙහි
සොම්නස් චලන පෑ
බලයන් ය, තෝරැන්ය
නන් ව්ධ මසුන්ය
ලෑල්ලෙහි බෑවු
මුව අයා දෙඇස් ව්වර ව
ඇද වලිගයෙන්
මුවහත් කොට ආයුධය
වෙන් කරයි සුහුරැ ලෙස
ඇතුනු බහන් ඇද
දෙඇස් ඉවතට නොගෙන
ගිජු බැලුම් ය අවට
අහා........ කොතරම් අපුරැ ද
ඒ සිරැරැ ඡේදනය
පිළී ගඳ දුරැව යනු යැයි කුට්හෙහි
සඳුන් දැල්වු දුමෙහි
මුවා වී ගිජු බැලුම් ලන්නේ
පෙර දවස
ම්න් මැදුර තුළ වැද
තුටු වැ ගිය නෙත් නොවේද
අනෙකා නැමති ඉහත කව්ය තුළ තමන් තුළම ඇති ව්රැද්දාභාෂය කව්ය තුළ ස්ථානගත කිරිමට මංජුල සමත්ව තිබේ.
ගැඹුරැ සයුරෙහි සොම්නසින් සිට්න ව්ව්ද මසුන් හදිසියෙම ලෑල්ලක මුව අයාගෙන ,දෙනෙත් ව්වරව සිට්න්නට ගතයන්නේ නිමේෂයක් පමණි. ම්නිස් ජීව්තවල ඇති තෘප්තිය , අසහනය සහ තවත් ව්ටෙක සිතා සිට්න සහනය ඇත්තෙන්ම ජී්ව්ත තුළ තිබේ ද? එය තමන් ව්සින්ම ප්‍රභන්ධය කරන ලද ලෝකයයි. එහි කෙළවර ඇත්තේ වේදනාවයි.
සිරැරැ ඡේදනය දිහා බලන්නේ තෘප්තිය මුසු හැගිමකින් වුව ද තම නිවස තුළ ඇති ම්න් මැදුර තුළ එන පිළීගද දුරැව යන්න නොයෙකුත් සුවඳ දුම් ඇල්ලීම ආදී නොයෙකුත් ධූපයන් වල සහනය පතයි. වරෙක ම්නිසා ජීව්තය තුළ දකින යථාර්තය ඇත්තෙන්ම යථාර්තය ද , ඇත්තෙන්ම සමකාලීන සමාජය තුළ දවස ගෙවීම ක්ෂිතිමය අත්දැකීමකි. තම ජීව්තය තුළ ඇති කටුකත්වය දැකිමට ම්නිසා කිසිදා කැමති නොවේ . එයින් ගැලවීමට ඔහු ප්‍රභන්දයක් තනයි. එය ම්නිස් පැවැත්මේ ෆැන්ටෑස්මට්ක මානයයි.මෙම ව්රැදාභාෂය ම්නිසා තුළ තිබීම ආශාවේ ප්‍රතිව්රෝධ්තාවයන් තුළට වඩාත් ඇඳි යයි.මංජුල මෙම කව්ය තුලිිින් සහෘදයාට ආමන්ත්‍රණය කරන්නේ ම්නිස් ජීව්තයේ මෙම ව්රැදාභාෂය යයි.
පරිභෝජනවාදී සමාජය තුළ එහි නියාමයන්ට යටත්ව හිදිම්න් අප ගෙවන ඒකාකාරී දෛනික ජීව්තය තුළ ව්දින ව්නෝදය තුළ කෙළවර ඇත්තේ අතෘප්තිය අසහනයයි. මංජුලගේ පරතරය නැමති කව්යට ප්රවේෂවීමෙන් අපට කව්යාගේ ජීවන දෘෂ්ට්ය ස්පර්ශ කල හැකිවේ යැයි සිතේ.
පරතර.
අප දෙන්නා මැද පොඩ් ඉඩක්
තියෙන්නට අරිමු ට්ක වෙලාවක්
වට පිට වුනත් බලන්න
අත පය දිග අරින්න
පත්තරයක් පොතක් එක හුස්මට කියවන්න
මකුළු දැල් කඩලා
තණ බ්ස්ස කපලා
ගෙදර කට්ට්යත් එක්ක
නාන්න කොහේහරි යන්න
ඔයාට උනත් අතපහු වෙච්ච වැඩ ඇති
කුස්සිය හැඩ් වෙලා ඇති
කතරගම ඕගොල්ලෝ
ගියෙ නෑ නේද කාලෙකින්
ඒවා ඔක්කොම කරගමු ව්ගසින්
පොඩ් වෙලාවයි තියෙන්නේ ඔය ඉඩ
අපි දෙන්නා මැද.
ම්නිසුන්ගේ දෛනික ජීව්තයේ වෙනස්වීමක් බලාපොරොත්තුව ඔවුන් ගන්නා අසාර්ථක උත්සාහය පරතර තුළ මුදා හරි. ම්නිස් පැවැත්ම තුළ ඇති කෙට් ඉසිඹුව තුළ ආශාව ගොඩනැගී ඇති ආකාරය මත ම්නිස් ජීව්තය ව්‍යුහගතව් තිබේ. පවතින වෙලදපොල ආර්ථිකය තුළ ම්නිසා කොතරම් දුරකට අවශෝෂණය කරගෙන ඇත්ද යන්න මෙම කව්ය තුළ මංජුල මනාව ව්ශද කරයි. අව්න්ඣනික ආශාව තුළ ම්නිසා කොතරම් දුරට අසරණ කර ඇත් ද යන්නත්, එය කියවාගන්න සහෘදයා පවා සමස්ත සංදර්භය තුළ එයින් ගලවා කියවා ගත්තද , ඔවුන් ද එහිම ගොදුරක්වී ඇතැයි යන්න පවා ඔවුනට නොසිතෙන ලෙස මෙම වෙළඳපොළ බලවේග එතරම් ම්නිසා වෙලාගෙන ඇත.
මංජුලගේ කව් අතර ඉතා ප්‍රසස්ත මට්ටමක තිබෙන කව්යක් ලෙස අක්වැනි කව්ය කියවන්න පුළුවන්. කුටුම්භ ජීව්තය තුළ අතිශය සමීප නොව් වෙනව සිටී යුවළක් ස්වභාවධර්මයේ මෙහෙයව්මෙන් නැවත බ්දුනු ආත්මයන් දෙකක් එකතු කරන්නට ගන්න උත්සාහය අපුරැය. අතෘප්තිමය ව්වාහ ජීව්තයක් තුළ සිටී දෙපලක් බ්දුනු මගුල් පිංතූරය තුලින් නැවත එම බ්දුනු ආත්මය එක්තැන් කරන ආකාරය අපුරැය. සුළගේ පැම්ණීම මත තම ආත්මීය වැලපුමට ව්රාම තබම්න් නව ජීව්තයකට ප්‍රව්ෂ්ට වන්නට කව්යා කරන ආරාධනාව ප්‍රසස්ථ මට්ටමක පවතී.
කව්යා සෞබාවදර්මයේ නියාමයන් තුල ඉදිම්න් කුටුම්බ ජීව්තය තුල ඇති ප්‍රතිව්රෝදයන් සමනය කර එය පිරිද්දීමට ගන්නා මහන්සිය සහෘදයා කලබාලයි. ස්වභාවදර්මය සහ ම්නිස් පැවැත්ම අතර කිසියම් සමෝදානයක් කව්යා ගොඩනගයි.
ව්වාහය නැමති යටත්විජිත ස්වාම්යාගෙන් අපට ලැබුනු ශීක්ෂීතරාමුව මගුල් පීංතුරය තුල සංකේත කරන ආකාරය අපුරැය. ඇරැනු ජනෙල් පියන් සහ සුළග හේතුවෙන් , මගුල් පිංතුරය බිදීයාම තුල දෙදෙනා අවුත් එය අස්පස් කරලීමට උත්සාහ ගැනිම අහම්බයක් ද?
බ්දුණු වීදුරැ අයින් කලාම
හෙළුවෙන් අපි දෙන්නා.
මංජුල ව්වාහය තුල ගොඩ නගන ලද භෞතික රාමුව බ්ද වැටුනහොත් එම ව්වාහක දෙපළ තම ජීව්ත පැවැත්ම තුල ගොඩනැගෙන හිස්කම ප්‍රශ්න කරයි.ව්වාහය තුල ඇති ව්‍යුහාත්මක බල රටාවන් තුලට ස්වකැමැත්තෙන් අප යටත්ව අරති අන්දම කවියා ගෙනඑන ආකාරය බලන්න.
කවදාවත් නැතිව
එදා රෑ දෙගොඩ හරියේ
ජනෙල් පියන් හරියට වැහිලද බලන්න
එයා මගේ කාඹරයට ආවා
බ්දීගිය ව්වාහ ජීව්තයතුල තිබු හිස්කම නැවත වතාවක් අවුළුවාලන අන්දම කොතරම් සිත්ගන්න සුළු ද? බ්දීගිය ජීව්ත නැවත වතාවක් පුරැද්දන්නට කව්යා ගන්නා උත්සාහයත් ,ම්නිස් ආශාව තව දුරටත් ප්‍රමෝදය තුල ගිල්වා දැම්මට කවියා සමත්ව තිබීමත් ප්‍රසස්ථ මට්ටමක පවතී.
උසක දුක
නිවෙන්නැයි සිතා
නැග ගිය ද
ගිරක්
ඇහෙන්නෙ ම
ඉකි බ්දින හඩ
දොළක්
ම්නිස් ආශාව සහ එය ලගාකර ගැනීමට යාම තුල ම්නිසා ගන්නා නොයෙකුත් උත්සාහයන් තුල ඇත්තෙන්ම තමන් ජීව්තය ලත් සතුට තෘප්තිය තුල ලබන ප්‍රමෝදය අවසානයේ වේදනාත්මක අවසානයකින් කෙලවරවේ. එසේනම් මේ වේදනාත්මක ඉදිම තුල ඇත්තේ අතෘප්තියයි. වෙලදපොල ආර්ථිකය තුල වඩ වඩා පරිභෝජනය කරම්න් සතුට අත්පත්කර ගනිම්න් සිට්න ම්නිසා වඩාත් සතුටට පත්වනුයේ පරිභෝගික භාණ්ඩ අර්චනකාමය තුලිනි. එසේ නොමැතිව උනුසුම් ම්නිස් සබදතාවයන් තුලින් නොවේ. සමකාළීන සමාජයේ ම්නිස් සබදතාවයන් වෙනුවට වඩ වඩා ම්නිස් ආශාව ගමන් කරන්නේ පරිභෝජනවාදය දෙසටය. එය හබායාම තුල අවසානයේ ඉතිරිවන්නේ, අතෘප්තියයි ,අසහනයයි මෙම ගැඹුරැ අසහනකාරී මාවත ධනවාදයේ වරදක් නොව එය තේරැම් ගැනිමේ ව්ද්‍යාවක පිහිට පැතිම ම්නිසාට අව්ඣනිකව්මයි.
මංජුලගේ මේ කෙට් කව්ය දෙස බලන්න,
පිළිමය වෙත නොයා
මා වෙතට ම එන
සුවද දුම
තමාව පරිපුර්නත්වයට පත්වීමට ඇති නොහැකියාව තුල නොයෙකුත් බාහිර ක්‍රියාවලියක් මතම එය බහිෂ්කරනය කරම්න් එහි සතුට තමාට ලගාකර ගැනිමට නොහැකිව්ම ගැන පස්චාත්තාප වන මොහොත කොතරම් දුරට නිවැරදි දැයි සිතිමට අපව පොළබවා ලන්නට ඉහත කව්ය තුලින් මංජුල උත්සාහ ගන්නේ යැයි සිතේ. ඇත්තෙන්ම වරද ඇත්තේ බාහිර භාදාව තුල නොව අප තුලම විමයි. එනම් අභයන්තර භාදාව තුලයි. අප අසමත් වන මොහොත ඇත්තේ අප තුලම ව්මයි.
පිළිමයට සුවද දුම දැල්වුවද
එහි සුවද මා වෙතටම එන්නේ ඇයි
ම්නිස් ආශාව ව්‍යුහගතව් ඇත්තේ සුකව්හරණය බලාපොරොත්තුව ම්ස පරිපුර්ණත්වයට පත්ව්මට ගන්නා උත්සාහයේ , එනම් තෘප්තියේ මාවත වැට් ඇත්තේ අතෘප්තියේ මාවත තුල ව්මයි. එනම් අප ලබන සතුට කෙලවර ඇත්තේ වේදනාවයි. ඇත්තෙන්ම අප සතුට යනුවෙන් හදුන්වන්නේ මේ වේදනාත්මක ඉදිමටයි.
පහනින් එලි වු ඈ මුහුණ
හරි අඩකටත් වැඩ්යෙන්
අදුරැයි.
අතෘප්තිකර හබායාම තුල ලත් වේදනාත්මක ඉදිම කව්යා ව්සින් ම්නිස් ජිව්තය ව්නි්දින ආකාරය අපුරැය. ඇත්තෙන්ම ම්නිසා නියෝජනය කරන්නේ කවරෙක්ද ? තම ආශාව රැදී ඇත්තේ අනෙකාගේ ආශාව තුලයි. සමකාළින සමාජයේ ම්නිස් සබදතා වඩාත් දුරස්ථ වනව්ට ඇතිවන වෙිදනාව කව්යෙකු ස්ථානගත කරන ආකාරය තුල කව්යා ම්නිස් ආශාව ගැනත් පැවැත්ම තුල ඇති ගැඹුරැ දාර්ශනික මානයන් සහෘදයා හමුවෙි බෙදාහදා ගන්නේ යැයි ද සිතේ.
මංජුලගේ කව්ය තුලට එබ් බලන ව්ට ඔහු ස්පර්ශ කිරිමට උත්සාහ ගෙන ඇති යම් යම් කලාප බොහෝමයක් ඇති බවට දැන් පැහැදිලියි , ඔහු බොහෝ තැන්වල ම්නිස් අතෘප්තිය සහ ඉදිම පිළිබදව ගැඹුරැ ව්වරණයකට සහෘදයාගේ කියව්ම නාභිගත කරලයි.
මා අකමැති මල් පැල
සිටුවනා බව දැන දැන
පුරවා දෙම් ඈ ගෙනා පැස තුළට
ම්ශ්රණය
යුගදව්ය තුල ඇත්තෙන්ම සිට්න්නේ ගැලපීම් සහිත දෙපලක්ද , නැතිනම් වේශනීරෑපනය වු දෙපලක්ද,?එසේත් නැතිනම් නොගැලපීම් මත ඉදිම්න් කරන සම්මුතිකාමී පැවැත්මක ඇරබුමක්ද? ඉහත කව්ය තුලින් මංජුල සහෘදයාට කියවාගන්නට සලස්වන්නේ එබන්දක්ද , තමා අනෙකාගේ ආශාව වෙනුවෙන් දක්වන කැමැත්ත ,ඉදීම, සහ තමනුත් නොදන්නා ආශාවේ ප්රෙහෙලිකාව ආදරය තුලින් අප යුගදිව්ය තුල ගතකරන ව්‍යුහාත්මක බැදිම්,සම්මුතිකාම් ආස්ථානයන් යුගදිව්ය නැමති ප්‍රබන්දමානය තුල කියවා ගැනීමට සැලැස්වීම ම අප අප තුලම වේදනාත්මක මුසු ලජ්ජාවකට පත් කරයි.
දැන් ඔබට මංජුලගේ ප්‍රථම කාව්‍යය සංග්‍රහය තුල සහෘදයා සහ ඔහු අතර ඇති සම්මුතිකාමී බැදීම කොතරම් ද යන්න පැහැදිවනු ඇත. භාෂාවේ වහලෙකු නොව් ආශාවේ නියමයන් තරණය කරන ආකාරය මනාව ප්‍රගුන කර තිබේ ම්නිස් ජීව්තයේ ගැඹුරැ ආත්මීය මානයන් දැඩිව ස්පර්ශ කිරිමටත් ,ව්සිරි කැබලි වු ආත්මයන් කොලාජයක්සේ නැවත ඒකාත්ම්ක කිරීමට ලක්කර එහි ව්ව්ද හැඩතල නැවත ප්‍රතිනිර්මාණය කරන්නටත් මංජුල තම පලමු නිර්මාණකාර්ය තුල සමත්කම්පා ඇති බව නොරහසක්. පරිණත කව්යෙකුගේ ආත්ම ප්‍රකාශනයක් තරමට ස්වකීය මැදිහත්වීම් මනාව දිගෙලි කරගෙන තිබේයැයි සිතීම කියවන්නෙකුගේ කියවීම් කලාපය තුල දැල්වේ නමි එය මංජුලගේ ජයග්‍රහණයේ කුටප්පාප්ති යයි.
Bushan pradeep
23.05.26

Comments
Post a Comment