ළසෝ දිය වෙන භූමිය


අමතක කරන්න උත්සාහගන්න , හිතාමතා අමතක කරන , කෙසේවත් අමතක කල නොහැකි ඓතිහාසික මිනිස් ආත්මීය වේදනාවන් සමග කෑකෑරෙන වාර්ගීක සංහාරයක ආත්මීය වැළපුම අපව සාදා තිගැස්මකට ලක්කරන බව සහකමිපනයක් ඇති සැමට අත්දකින්නට පුළුවන් වු බව නොරහසක්. ජාතීයක් තවත් එවැනිම ජාතියකගේ  වාර්ගික අනන්‍යතාවය නොසලකා හරිම්න්  සංස්කෘතික වට්නාකම් සුළුකොට තකම්න් සියලුම අයිතින් පගා දමම්න් එකම භූම්යක සිට් ජනකොටසක් වාර්ග සංහාරයකිිින් පසු තම  සහෝදර ජනයාගේ ජීව්ත අහිම්විමේ ආත්මීය වැලපුම තම ආත්ම ප්‍රකාශනය අනෙකා සමග බෙදාගැනිමෙන් සමනය වේයැයි සිතිය නොහැක. නමුත් හෘදය සාක්ෂියක් ඇති අයෙකුට එසේ සිට්ය හැකිද ? චේරන්ගේ කව්වලින් එළියට පනින්නේ එම හෘද සාක්ෂියේ කම්පනීය වේදනාවයි. සිංහල සමාජයේ මෙම සහකම්පනය කෙලෙස අත්ව්දිනු ලැබුවේදැයි අප හොදින් දනි. චේරන්ගේ කව් වලින් එළියට පනින සහෝදර ජනයාගේ අහිම්වීම ළසෝ දිය වෙන භුම්ය නම්න් චේරන්ගේ තෝරාගත් කව් ඇතුළත් කෘතියක් මෙවැනි යුගයක සිංහලට පරිවර්ථනය කරම්න්  සංජුලා පිටර්ස් ගත් මෙම උත්සාහය අප අගය කලයුතු වන්නේ ඇයිද යන්නත් ව්මසා බැලිය යුත්තක්. දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය මර්දනය ප්‍රචණ්ඩකාරී ලෙස පැතිර ගිය සමයක හැදී වැඩුණු චේරන්ගේ  කාව්‍යය කරණය වඩාත් මුවහත් වන්නේ එවකට පැවති ආණ්ඩුව ව්සින් යාපනය පුස්තකාලය ගිනි තැබ්ම සමඟමයි. යාපනයේ ව්ශ්ව ව්ද්‍යාලයේ ඉගෙනුම ලැබු එම වකවානුවේ වඩ වඩා චේරන් තම අද්දැකිම් ඔස්සේ ව්ව්ද දේශපාලන අදහස් තුළ තමන් සොයා යෑමට උත්සාහ ගැණිම මත කව්යෙකු තමා තුළ ඇතැයි යන නිගමනය මත වඩාත් කව්ය තුළ තමන්, තම සහෝදර ජනයාගේ අහිම්වීම , තමන් උපන් බ්මේ අයිතිය තව දුරටත් අහිම්ව්මෙන් ලත් වේදනාව කව්ය තුළ පිහිටුවන්නට ගන්න වේදනාත්මක උත්සාහය තුළ තමයි චේරන් අපිට කියව ගන්න පුළුවන් වෙන්නේ. සිංහල ජාතික වාදය තුළ මෙන්ම ලංකාවේ කලාත්මක සමාජය තුළ චේරන් ගැන සහ ඔහුගේ ආත්මීය ප්‍රකාශණය ගැන සඳහන් වෙන්නේ බොහෝම අඩුවෙන් සිංහලට පරිවර්ථනය වුනු චේරන්ගේ කව් අතරින් මෑතකදී සංජුලා ව්සින් කරන ලද මෙම පරිවර්ථනය තුළ නැවත වතාවක් චේරන්ව සොයායෑමේ අවස්ථාව මෙන්ම චේරන්ගේ කව්ය තුළ  ලාංකිය සමාජයේ දෙමළ ජනයාගේ අයිතින් අහිම් කරම්න් කරගෙන යනු ලැබු වර්ග සංහාරයක තම සහෝදර වැසියනගේ  ආත්මීය කම්පනය තුළ තමන් ලත් හෘද සාක්ෂියේ සහකම්පනය කොතරම්ද ? සංජුලා ව්සින් පරිවර්ථණය කල චේරන්ගේ මේ කව්ය බලන්න.

සොහොන් කුහරය ( 2009 )

අපි නොදන්නේ මන්දැයි නොඅසනු

අපිට අමතක වුයේ කෙසේදැයි නොඅසනු

අපි නොලීවේ ඇයි කියාද නොඅසනු

එකිනෙකාට තමන්ගේම වු මතකයකි.

සාක්ෂිකරැවන් නැති බ්මකි.

චේරන්ගේ මෙම කව්ය තුළම තම සහෝදර ජනයාගේ ජීවත්වීමේ අවම කොන්දේසි පවා අහිවීමේ ඛේදවාචකය කව්යා දැඩ් කම්පනයකට ලක් කරයි , එකම දේශයක ජීවත්වන ජන කණ්ඩායමක මූලීක අයිතින් අහිම්කරම්න් තමන් උපන් බ්මේම අයිතිය නැති අසරණයන් කරම්න් අනන්‍යතාවය අහිම්වු පිරිසකගේ ශෝකීය වැලපුම සිය කව්ය තුල දිගහරී.

චේරන්ගේ  ඇට සැකිලි පෙරහැර කව්ය තුළ තමන් කලින් ලත් සාමකාම් ජීව්තයේ පැවැත්මේ අහිම්ව්ම ඔහු අපට අභිමුඛ කරයි . 

ඩාව්න්ට පින් සිදු වන්නට

ශක්තිමතුන් බේරී

දුබලයන් ම්ය යයි.

මෙය සමාජයට නොව

ව්ද්‍යාවට රැකුලක් වේවා.

ජාතියක් ලෙස සිංහල මහජාතියේ දැඩ් මර්දිත කොන්දේසිවලට එකඟව තව දුරටත් තමනට ජීවත්වීමේ සහ පැවැත්මේ ඉඩ ප්‍රස්ථාව සමග ගනුදෙනු කිරිමේ අවස්තාවන්හිදී  තමන් ව්දින වේදනාත්මක ඉදිම සංජුලාගේ පරිවර්ථනය තුළ අපව ද  දැඩ් සිතීමකට පොළබවාලයි. එකවර කව්යාගේ සමාජ සිහිනය වන යාපනයේ ජීවත්වන මධ්‍යම පාන්තිකයෙකුගේ සිහිනය වන අධ්‍යාපනය තුළ සාර්ථකවීම වෙනුවට  ඔහුගේ සිහින හදිසියේ රෑපාන්තරනය වන අන්දම කව්ය තුළ පිහිටුවන අන්දම බලන්න.

ඒවායේ 

ඇට සැකිලි පෙරහැරකි.

පිරිම් ඇටසැකිලි

ගැහැනු ඇට සැකිලි

දරැවන්ගේ ඇට සැකිලි

දරැ ගැබ් දරාගත් ඇට සැකිලි

තරැණ  ඇට සැකිලි

මහලු  ඇට සැකිලි

අත් රහිතව පවා 

ගල් වු ඇස් කුහර

ලේ හා කඳුළු ධාරා

ගලා යන දෙසට යොමුව්

පෝළිමට

ඇට සැකිලි දහසකි,

වෛරයෙන් පිරි ඇස්

ඒවෙත යොමු වී

සෙබළ තුවක්කු පත්තුවෙයි.

දරැණු යුදමය තත්ත්වයක් තුළ ජීවත් වු ම්නිසුන්ගේ ජීව්ත තුළ ලත් ජීවත්වීමේ ආශාව මෙන්ම ම්නිසුන් ලෙස අනෙකාට කොතරම් ගෞරවයකිිින් පිළිගත්තාද කියා උත්පුාසාත්මකව ව්මසයි.  අවසානයේ කව්යා තම ව්ප්රවාසි පැවැත්ම තුල  තමාවම ප්‍රෂ්න කරන ආකාරයත් ඔහුටද  ජීව්තය බේරාගත හැකිවුනත් තම හෘද සාක්ෂියේ දරැණු වැලපුම සදා ඔහුව වේදනාව තුළ ගිල්වා තබන බව ප්‍රත්‍යක්ෂය.

සෙන් ගං ඉවුර මත

වුපර්ටාල් අහස යට

ටොරොන්ටෝවේ හිමැති බ්ම තුළ

ව්සිරි කැබලිති වැතිරෙන වග

සිහිනයෙන් ඇහිරී

ඔහු දකියි.

දැන් අවදිව සිට්යදී වුව

පා නගන ඇට සැකිලි හඩ

ඔහුට ඇසෙයි.

දරැණු සිව්ල් යුදමය තත්ත්වය තුළ තම සහෝදර ජනයාගේ ජීව්ත අහිම්ව්මේ කෂිතිමය අත්දැකිම කව්යා ස්වකිය භාෂාවට ගෙනෙන මොහොත තුළ සහෘදයා චේරන්ගේ මෙම ආත්මීය වැලපුම තුළ චේරන් කියවා ගැනිමට උත්සාහගනි . මෙහිදි අපට වැදගත් වන මොහොතක් නම් ලාංකිය කාව්‍යය කරණය තුළ මෙවැනි කාව්‍යයන් කොතෙක් දුරට සංවාදයට බදුන්ව්ද යන්නයි. චේරන්ගේ පරිවර්තිත මෙවැනි කව් බොහෝ දෙනාගේ කියව්ම් තුළ හසුනොවන හේතු කවරේද ? ඒ අප අනෙකාට දක්වන ම්නිස් සබඳතාවල ව්රැදාභාෂයක්ද? දෙව්යන් ම්යගිය සමාජයක ( සමාජ පරමාදර්ශ නැවත ප්‍රතිෂ්ඨාපනය කිරිම ) ධනවාදය ගෝළිය වශයෙන්  කිුයාත්මක වන යුගයක , පරිභෝජනවාදයේ සියලු දොරගුරැ ඇර රිසිසේ ව්නෝදයේ ගැලි සිට්න ම්නිසුන් සිට්න  සමකාළින සමාජයේ සියල්ල ප්‍රමෝදයේ අව්න්ඣනික තර්කනය ඔස්සේ තමන්ව මෙහෙයවයි. එවන්්‍ර මොහොතක ලාංකීය පොළොව මත හබාගිය තම සහෝදර අනෙකාගේ සහ කම්පනිය වේදනාව තුළ ගිල්වාලනු  ලැබු වර්ග සංහාරයක දරැනු මතකය පිලිගැනිමට තරම් ,වේදනාව බෙදා ගැනිමට තරම්,  ලාංකීය ආත්මය කොතරම්        සංස්කෘතික ද යන්න චේරන් මෙන්ම සංජුලාද සිංහල ජහමනයාගෙන් නොව ප්‍රබුද්ධ කලාත්මක සමාජයෙන් ඇසිය යුතු ප්‍රෂ්නයයි.  මෙය පිළිගැනිමට තරම් ඔවුන් නිහතමානී නොවන බව මගේ අදහසයි. දෙමළ ජනයාගේ අයිතින් වෙනුවෙන් සැබෑ ලෙස පෙනිසිට්න පිරිස් ඇත්නම් එය ඔබට දේශපාලනය තුළ හමුවනවා ම්ස   වර්ග සංහාරය තුළ ශෝකිවන      කලාත්මක   සමාජයේ  කිසිවකු   කිසිදා ඔබට මුණ නොගැසෙනු ඇත . වරද ඇත්තේ ධනවාදය තුළ නොව රැවට්ලිකාර නරැමයන් තුලය. 


Bushan Pradeep .


Comments

Popular posts from this blog