Posts

මානවවාදය හා අගනාගරිකව බිඳ වැටුණු ලොවක මිනිස් සුසුම භෞම - දේශපාලනික විලාපය

Image
එරික් ඉලයප්ආරාරච්චිගේ නවතම කෘතිය වන සුනඛ ආර්යා ගොඩනැංවීමේදී, ලාංකීය සාහිත්‍ය තුල කිසිවකුගේ ඇස නොගැටෙන කිසියම් පුද්ගලානුබද්ද සහ එයටම ආවේණික වු සංස්කෘතික වටපිටාවක අහුමුළු තුළින්, බිදවැටෙමින් පවතින සමකාලීන  පුවත්පත් කලාවේ ගැඹුරු පැතිකඩක් සහ එහි නියැලී සිටින්නන්ගේ ජීවිතවල ආත්මීය වේදනාව පාඨකයා හමුවට ගෙන එයි. එරික් ඒ සඳහා රංජිත් ජයසිංහ නම් මැදිවයසට එළඹෙන්නට පෙර මියගිය ඉංග්‍රීසි පුවත්පත් කතුවරයෙක්ගේ ද්‍රවිඩ සම්බවයක් සහිත බිරිය වූ ප්‍රියා වටා කෘතියට අවතීර්ණ වේ.  ඇත්තෙන්ම මෙහිදි සිදුවන්නේ රංජිත් නැමති ප්‍රබුද්ධත්වය නියෝජනය කරමින් ඉංග්‍රීසි පුවත්පත් කලාවේ දැවැන්ත සෙවනැල්ලක් වු ඔහුගේ අකල් මරණය තුළ අනෙක් සියලුම චරිත එම දැවැන්ත සෙවනැල්ලේ පහස නොලැබීම තුළ ලත් දරුණු පරාජිත ජීවිතය තුළ ඔවුනගේ ජීවිත වලට වන කැළඹීම් සහගත ස්වහාවය කෘතිය පුරා දිවයාමට සැලැස්වයි.එවකට  පුවත්පත් කලාව තුළ සිටි බොහොමයක්ම ඉංග්‍රීසි උගත් ඉහළ සමාජ පංතීන්  නියෝජනය කල කොටස් වුහ. සමාජ දේශපාලන ආර්ථික දේහයන්හි පතළ දැනුමෙන් හෙබි ඉංග්‍රීසි උසස් සාහිත්‍ය ඇසුර ලත් පළල් සමාජ නියොජනයක් මොවුන් තුළ තිබුනි. එවකට පැවති වාමාංශික දේ...

ආදර සාදය

Image
 ආදර සාදය තුළ සිට්න සංජය ඈපා නිර්මාණය වුනේ අනෙකත්වය තුළින් සහ සංජය තුළ සිට්න තමන්ට වඩා කෙනෙක් නිර්මාණය කලේ අනෙකා තමයි. නමුත් මෙහි ඇති ව්ශේෂත්වය නම් සංජයට සමාජය ව්සින් දෙනලද අනන්‍යයතාවය අනවශ්‍යය යටත් වීමකට ඔහු ලක් නොවී සිට්මයි. සමාජ අනන්‍යයතාවය ඉල්ලා හඩනගන  ව්ශාල පිරිසක් අරක්ගෙන සිට්න කලාත්මක සමාජයේ මේ  ඉදිම අමාරැ වැඩක්, ඒත් එලෙස තම ජීවන අනුභුතීන් සමග තම පැවැත්ම පෑහීමක ප්‍රතිථලයක් ලෙස සමාජගත කල මෙම ආත්ම්ය ප්‍රකාශණය සහෘදයාට බැරෑරැම් ලෙස  භාරගැනිමට  පොලඹවන්නේම එම ජීවන ලාලසාවයි. ඇත්ත කෙනෙකුට තමන් තුල සිට්න තමන්ව සොයාගත හැකිනම් එය කොතරම් දුරට දාර්ශනික  ආස්ථානයක් උසුළයි ද යන්න නැවත සිතාබැලිය යුක්තක්. සංජය කරම්න් සිට්න්නේ ද එයයි. එසේම ඒ සඳහා තමන් ව්සින්ම ආත්මීීය කැරෑල්ලක් ගැසිය හැකිනම් තමා තුළ සිට්න  තමාව ඇස් ඉදිරිපිට නිරැවත්වීම තුළ කැඩ් බ්දි ගිය ආත්මීය වේදනාවල්වල  දිග පළල කියවා ගැණිම සඳහා එය මහත් පිටුවහලක් සපයයි. කැබලිවී ගිය  ආත්මීයත්වයට  ප්‍රාණවායුව මුසුකිරිමේ උත්සාහයක සංජය නිරතවෙම්න් සිට්. ආදර සාදය තුළින් ව්නිව්දිනු ලබන්නේ එම  එලැඹුමයි....

ගොඩෝ සහ අරවින්ද

Image
  පියන්කාරගේ බන්දුල ජයවීර ව්ශාල කාලයක් කව්ය තුළ මැදිහත්වීම් කල සහ කව්ය සමග සක්‍රිය දායකත්වයක් කල හෘදයාංගම කව්යෙක්. බන්දුල වරින් වර ඇව්ත් අපට සම්මුඛ වෙම්න් ව්ටෙක සැගවෙම්න් මුහුදේ රළ ගෙඩ්මෙන්  එකව්ට පුපුරා යම්න් අපට කරදර කරන වාර අනේකයි. බන්දුගේ කව් හුදු වගාලාපයන්ට , පම්පෝරිි ගසම්න් තම අනෙකා කෙරේ වෛරී ආකල්ප මතු නොකර , අනෙකා කෙරේ ම්ත්රශීලීව සහෝදරත්වය පෙරදැරිව ව්ශාල ගමන් මගක ආ ගමන් සගයෙක් . කාව්‍යය නිර්මාණයේදී  ගොඩක් ලාංකිය කව්න් කවුරැන් හෝ සිව්ල් චන්ඩ්යෙක් භාව්තා කරම්න් හෝ ඔවුනගේ පිහිට ඉල්ලා මොරදෙන සමයක බන්දු කටුවකට වැදි සිවුම්ව තම කාර්යය තුළ නිමග්නව ඉදිම්න්  සිය කව් හැව මුදා හැරිමට ගන්නා උත්සාහය සහෘද අපගේ නොමඳ පැසසුමට ලක්ව්ය යුතු නොවන්නේද?  සැප්තැම්බර් සාහිතය සුනාම්යට කිප දවසකට පෙර ඔහුගේ නවතම කෘතිය ජනගතව්ය . එය හරි අපුරැ කව් පොතක් , ගොඩෝ සහ අරව්න්ද කෘතිය එකවර අපට උත්පුාසය මෙන්ම සිවුම් දේශපාලන හැගවුමක ලක්ෂණ කැට්වුනු ⁣එකක්ය යන්න මගේ පෞද්ගලික අදහසයි. මා දන්නා බන්දුල ව්ව්ද දේශපාලන කල්ලි කණ්ඩායම් සමග තම දේශපාලන අදහස් බෙදාහදාගත්තා පමණක් නොව ඒ තුළ වැඩ කරම්න් අලුත් දැනුම ග...

ළසෝ දිය වෙන භූමිය

Image
අමතක කරන්න උත්සාහගන්න , හිතාමතා අමතක කරන , කෙසේවත් අමතක කල නොහැකි ඓතිහාසික මිනිස් ආත්මීය වේදනාවන් සමග කෑකෑරෙන වාර්ගීක සංහාරයක ආත්මීය වැළපුම අපව සාදා තිගැස්මකට ලක්කරන බව සහකමිපනයක් ඇති සැමට අත්දකින්නට පුළුවන් වු බව නොරහසක්. ජාතීයක් තවත් එවැනිම ජාතියකගේ  වාර්ගික අනන්‍යතාවය නොසලකා හරිම්න්  සංස්කෘතික වට්නාකම් සුළුකොට තකම්න් සියලුම අයිතින් පගා දමම්න් එකම භූම්යක සිට් ජනකොටසක් වාර්ග සංහාරයකිිින් පසු තම  සහෝදර ජනයාගේ ජීව්ත අහිම්විමේ ආත්මීය වැලපුම තම ආත්ම ප්‍රකාශනය අනෙකා සමග බෙදාගැනිමෙන් සමනය වේයැයි සිතිය නොහැක. නමුත් හෘදය සාක්ෂියක් ඇති අයෙකුට එසේ සිට්ය හැකිද ? චේරන්ගේ කව්වලින් එළියට පනින්නේ එම හෘද සාක්ෂියේ කම්පනීය වේදනාවයි. සිංහල සමාජයේ මෙම සහකම්පනය කෙලෙස අත්ව්දිනු ලැබුවේදැයි අප හොදින් දනි. චේරන්ගේ කව් වලින් එළියට පනින සහෝදර ජනයාගේ අහිම්වීම ළසෝ දිය වෙන භුම්ය නම්න් චේරන්ගේ තෝරාගත් කව් ඇතුළත් කෘතියක් මෙවැනි යුගයක සිංහලට පරිවර්ථනය කරම්න්  සංජුලා පිටර්ස් ගත් මෙම උත්සාහය අප අගය කලයුතු වන්නේ ඇයිද යන්නත් ව්මසා බැලිය යුත්තක්. දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය මර්දනය ප්‍රචණ්ඩකාරී ලෙස පැති...
Image
හයිකු කව්වල මුහුණුවරින් ලද එළියක් මේ කුදු කව්වල ඇතැයි කිව හැකි මුත් ඉන් ස්වාධීනව මේ කව් අංශු, මා උපන් භූම්යත් , දැනට ජීවත් වන දේශයත් ඇසුරැ කොට ඉගිළ යන ඒවාය. සැබව්න්ම මේවා ලාංකීය සංක්ෂිප්ත කාව්‍යය මාර්ගයට නැඹුරැවනු ම්ස වෙනත් නමකින් හැඳින්වීමට මා උත්සුක නොවන බව පවසනු කැමැත්තෙම්.    (පෙරටු කියුම නටු කාව්‍යය සංග්‍රහය  ) මාලන් බණ්ඩාර කපුවත්ත නටු කියවීම සඳහා හොඳ ආරම්භයක් සහෘදයාට ලබාදෙයි. ලාංකීය කෙට් කව්ය තුළ මෑත කාලීනව ව්ව්ද අත්හදා බැලිම් බොහෝමයක් කර තිබෙන බව සත්‍යකි . ව්ලාසිතාවක් ලෙස කවීන් බෝහෝමයක් කෙට් කව්යට වඩාත් නැඹුරැවන මොහොතක  මාලන් බණ්ඩාරගේ නටු  කාව්‍යය සංග්‍රහය ඔවුනට අත්වැලක් ලෙස හැදින්වුවාට වරදක් නැත.  ලියන්නේ මොනවාදැයි  කියා  ඇතැමුන්ට ව්ශ්වාසයක් නොමැතිවීමත් සමහර නිර්මාණ බොහෝමයක් දුර්වල මට්ටමේ ඒවා විමත් ඒ තුළ ගැඹුරැ පරිචයක් නොමැති වීමත්  සහෘදයාගේ කියව්ම් තුළ කව්ය උපන්ගෙයි ම්යයන අවස්ථාවන් කොතෙකුත් දැක ඇත්තෙමු. කෙට් කව්ය සීම්ත වචන සංඛ්‍යාවක් යොදාගනිම්න් කරන නිර්මාණයක් බැව්න් ඉතා පරිස්සමෙන් භාෂාව තුළ තමන්ගේ ආධ්පත්‍යය පැතිරව්මට වග බලා ගතයුතුව ...
Image
 හිසාෂි කෂිවායි විසින් රච්ත The Restaurant of lost recipes. නැමති කෙට් නව කතාව  ජපානය තුළ  ව්ශාල අලෙව්යක් වාර්තා  කල සාහිතය කෘතියක්  මෙය සිංහල භාෂාවට පරිවර්තනය  කරම්න් එම රසය මෙරට පාඨක ප්‍රජාව හා බෙදාගන්නට  රශ්ම්ත මණ්ඩාවල සමත්ව තිබ්ම අගය කල යුතුයි. මෙහි ආකෘතිය හරි අපුරැ එකක් ඒකම තමයි මෙම නව කථාව මෙතරම් ජනපිුය වීමට හේතුව කියලා කිව්වොත් එය නිවැරදියි කියලයි මට සිතෙන්නේ. මොකද  රශ්ම්කගේ පරිවර්තය මුල් කෘතිියට  සාධාරණයක් ඉටු කර ඇතැයි  සිතනවා. නාගරේ නැමති පියාත් කොයිෂි නැමති ඔහුගේ දියණියත් එකතුව පවත්වා ගෙනයන  කමොගාවා අවන් හල හරි අපුරැ එකක් , අතිතයේ රසව්දි කෑමක් අවුරැදු  ගණනාවකට පසුව එම රසයෙන්ම එය කෑමට සපයාදීම නාගරේගේ සහ කොෂිගේ රැකියවයි.  මෙම දෙදෙනා කොතරම් දක්ෂව එය කරනවාදැයි , මෙම.කෘතිය තුළ වඩාත් ව්දාරනය කිරිමට  සමත්ව තිබේ. ආහාරය හා බැඳුණු ම්නිස් හැගිම් සහ මතකයන් ගැන සරල මුත් ගැඹුරැ සංවාද කෘතිය පුරා දිවයන්නේ ඉතා සැහැල්ලුවකින් සහ ආත්මීය ව්ච්ත්රත්වයකින් යුක්තවයි. ඇත්තෙන්ම ජපානයේ ආහාර සංස්කෘතිය ඉතා ව්ච්ත්ර වුවක් . මෙම පොත  ...
Image
ෂාල් බෝද්ලෙයා ප්‍රංශයේ පමණක් නොව මුළු යුරෝපය තුළම කාව්‍යය කරණයේදී නුතනත්වයට අති මහත් බලපෑම් කල  පුරෝගාමී කව්යෙක් ලෙසත්, තම කව්ය තුළ ස්වකීය ලකුණ සනිටුහන් කරන්නට බෝද්ලෙයාට ගත් උත්සාහය ප්‍රසස්තය.වෙඩ්වර්ධනගේ මෙම කෘතිය තුළින් කරන බෝද්ලෙයාගේ ජීවන පරිචය තුළ ඔහුගේ නිර්මාණ කාර්‍යයේ පොලා පැනිම ගැන කරන කදිම හැදින්ව්ම තුළ සහෘදයාට බෝද්ලෙයාටත් බෝදලෙයා තුළින් ඔහුගේ නිර්මාණ කාර්‍යය ව්නිව්දින්නට සහ මංජුුල ස්වකීය නිර්මාණ තුළ බෝද්ලෙයාගේ  දකින ආකාරය සහෘදයාට දනවන්නට ගන්න උත්සාහය කෙබදුද ? බෝද්ලෙයා සිලිට් පරසතු මලෙක පෙත්තක් තුළින් ගෙන එන්නෙ  එයයි. මංජුලට අනුව බෝද්ලෙයාගේ බොහෝමයක් කව් පාරවන සුුුළු ,දරාගත නෙහැකි ආත්මීය ව්දවීම් , කඩාවැටීම් මත සහ නාගරික ජීව්තයේ ආත්මීය බැදිම් ම්නිස් සම්බන්ධතා වල දරා ගැනිමි සහ එවකට ප්‍රංශය තුළ ඇතිවෙම්න් තිබු නාගරිකරනයේ වෙනස්ව්ම් පැරණි සමාජ ජීව්තයේ කණ්ඩනයන් ඔහු කව්ය තුළට ගෙනඑනු ලබයි. ඒ අනුව ගැඹුරැ දේශපාලන සමාජ පර්යායන් කව්ය තුල සුවචනය කරන්නට බෝද්ලෙයා සමත්වී ඇත්තේ තම ජීව්තය තුළින්ම බව මංජුල අපට කියන්නේ නිකම්ම නොවේ.  බෝද්ලෙයාගේ මෙම ජීවන ලාලාසාව තුළ ,තමන්ගෙන් පසු පරම...