Posts

Showing posts from May, 2025
Image
 සකුන්ත හිරිමුතුගොඩ ලියන ලද අනවසරයෙන් ගෙතූ කව් මෑත කාලයේ තරැණ කවීන් අතරින් බොහෝමයකගේ  කව් පොත් තුල නැති කිසියම් වෙනස්මය හැඩයක් සහ ආකෘතිමය වෙනසක් තුල ලියවුවක්.එවැනි ආකෘතිමය වෙනසක් බලාපොරොත්තු වන්නෙකුට ඔහුගේ කව් තුලින් ව්සංයෝජනිය කියවීමකට යාහැක. හැම ආධුනිකයෙකුට මෙන්ම සකුන්තට ද තමන්ගේ ආත්මීීය ප්‍රකාශනය කියන්නට යෑමේදී කාගේ හෝ අත්වාරැවක් නැතුව එය කරන්නට නොහැකිවී ඇත්තේ ඇයි ද යන්න නිර්මාණකරැවෙකු  ලෙස    සිතාබැලය යුතු කරැනක්වේ. පෙු්මය  පිළිබඳ සකුන්ත වෙනස්ම වු තැනක් අල්ලා ගැනීමට වෙහෙසෙයි. ආධුනික කව්යෙකු තුලින් පෙන්නුම් නොකරන ඇතැම් තැන් කව්ය තුලින් සිවුම්ව ස්පර්ශ කිරිමට සකුන්ත ගන්නා උත්සාහය ප්‍රසස්ත මට්ටමක පවතී.   ⁣මේ කව්ය බලන්න බොහෝ කලකට පසු අදටත් වල් වැදුණු බ්ම් කඩෙහි මතක වැහි පොද වැටී පෙු්මයේ  සුදු මීනී මල් තවමත් සුපිපේ ඔබේ නම්න්ම. අපේ ආත්මීයතාවයන් මුහුණ දුන් ආදරණීය අභිමුඛව්ම් තුල ඇතිකරනු ලැබු සුන්දර වේදනාවල් , ආත්මයේ ගැබුරැ තැන් සියුම් ලෙස කම්පනය කරවන්නටත් , දෙදෙනෙකු අතර ඇතිවන අහඹු අභිමුඛ වීමක අව්නිෂ්ච්තතාවය  පසු ආවර්තිතව අපව වේදනාවට පත්කරන්නට...